20

1.1K 155 23
                                    

" ජිමින්..  අද  වගෙ ආය උදව්වක් ඕන වුන වෙලාවක අපිට කතා කරන්න හොදද.. අපි නිවාඩු නම් අනිවාරෙන්ම එනවා.."

" තැන්කිව්  හ්‍යුන්ග්.. හ්‍යුන්ග් අද මට කලේ ලොකු උදව්වක්. ජන්කුක් නැතුව හොබි හ්‍යුන්ග් ඔයත් අද හිටියේ නැත්තං මම අද ලොකූ අමාරුවක වැටෙන්නෙ....."

" අහ් මූ විතරයි උදව් කරල තියෙන්නෙ. "

ඩ්‍රයිවින් ශීට් එකෙ ඉදගෙන හිටපු සුගා mirror එකෙන් ජිමින් දිහා බලලා කීවෙ රවාගෙන.

" අනෙ පලයන් බන්. උඹ මොකාද එකා වගෙ බුදියෑවයි. පෝන් එක එබුවයිනෙ කරෙ. කිසි වැඩක් කරාද.. උඹ නමට විතරයි.. නේද ජිමින්.. "

පැසෙන්ජර් සීට් එකේ හිටපු හොබී හිනා වෙවි කියද්දි පිටිපස්සෙ ශීට් එකේ ඉන්න ජිමිනුත් තොල් හපාගෙන හිනා උනේ ඉස්සරහා mirror එකෙන් තමන් දිහා රවාගෙන ඉන්නවා පේන සුගාගෙ තියණු ඇස් දෙක දිහා බලාගෙන..

" ජිමින් මේ.."

"ම්ම්ම්"

" මම අහන්නමයි හිටියේ. ජන්කුක් මොකො කියන්නෙ අපේ ටේහ්‍යුන් ගැන. බනිනවද.."

" ඔහ් නැ හොබි හ්‍යුන්ග්.. බනින්නෙනම් නෑ.. අනේමන්ද ඉතින්.. කැෆේ එකට ආපු වෙලේ ඉදන් යනකන්ම එයාගෙ කටෙ තියෙන්නෙ ටේහ්‍යුන් හ්‍යුන්ග් ටේහ්‍යුන් හ්‍යුන්ග් ටේහ්‍යුන් හ්‍යුන්ග්.."

" ආහ් චින්චා... "

" ටේහ්‍යුන් හියුන්ග් අරහෙම කිව්වලූ.. ටේහ්‍යුන් හ්‍යුන්ග් මෙහෙම කිව්වලූ.. ටේහ්‍යුන් හ්‍යුන්ග් කන්න කැමති මෙහෙමලූ.. හොඳට හිටපු කොල්ලා අසනීප වෙලාද මන්දා හොබී හ්‍යුන්ග්.."

" ඔව් ඔව් ඕක ලෙඩක් තමයි. ඉක්මනට සනීප වෙයි. ඔය ලෙඩෙ හොද වෙන්න තමා සතියක් පුරා අපිත් එ පැත්තට නොගියෙ"

මෙච්චර වෙලා නිශ්ශබ්දව වාහනෙ ඩ්‍රයිව් කරන සුගා කීවෙ ආයෙත් ජිමින්ට තියුණු බැල්මක් දාලා. හැබැයි සුගා ඒ කීව දේ නම් ජිමින් ට තේරුනේ නෑ. ඒත් එ මොකක්ද කියල අහන්න බැ සුගා ගෙ ලොකුකම් බලන්න වෙන හින්දා. ඉතින් අහිංසක ජිමින් ඔලුව හොලවලා තේරුනා වගෙ හිටියා.

" ඔහොම රවන්න එපා යකො.. පව් මේ කොල්ලා බන්.."

කතාවෙන් කතාවෙන් එයාලා ඉක්මනටම ගමනාන්තයට ලඟා වුනා..
.
.
.
.
.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now