11

1.1K 157 15
                                    

" තමුසෙ මොකක්ද එ කෙරුවෙ ටේහ්‍යුන්. තමුසෙ මොන මගුලකටද මහ රෑ එහෙ රින්ගුවෙ. තමුසෙට මොලයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද "

ටේහ්‍යුන් සද්දෙන් එයාටම බැන ගන්න ගමන් කා එක පදවන් ගියෙ එයාගෙ අපාර්ට්මන්ට් එක පැත්තට.

" ඒ අහිංසකයා මගෙ දිහා බලන් හිටපු විදිහ. තමුසෙ නම් තිරිසනෙක් ටේහ්‍යුන් මහ තිරිසනෙක්. තමුසෙට ඔය දේවල් කරන්න බැ. තමුසෙ ඔය වගෙ දේවල් වලට පෙලබෙන්නෑ කියල තමුසෙමයි අවුරුදු 15දි තමුසෙටම පොරොන්දු උනේ.. f*ck. "

ටේහ්‍යුන් ඇක්ස්ලේටර් එක තවත් තදින් පෑගුවා.
.
.
.
.

" තමුසෙ නම් කිසිම වගකීමක් ගන්න දන්නැති මිනිහෙක් ටේහ්‍යුන් "

ඊලඟට ටේහ්‍යුන් ගෙදර ඇවිත් බෙරිහන් දෙන්නේ ඊයේ උදේට කෑම දීපු පාර මේ වෙනකන්ම ටැනී බඩගින්නෙ නිසා.

ටේහ්‍යුන් ඉක්මනින් කිරි එකක් හදාගෙන ඇවිත් ටෑන්ට දීලා ඒක බොනකන් පපීස්ලා වෙනුවෙන්ම පෝර්ක් වලින් හදපු කෑම ටින් එකක් අරන් ඇවිත් ටෑන් ගෙ කෑම කන බෝල් එකට දැම්මා.

ටේහ්‍යුන් ඉන්නෙ එයා ගැනම ලොකු කේන්තියකින්. එයා වැරදි දෙකක් කරා. එකක් තමයි බීගෙන ජන්කුක් ගෙ ගෙදර ට ගිහින් එයාව බලෙන්ම කිස් කරපු එක. අනික තමයි ටෑන්ව පැය 24කටත් වඩා බඩගින්නෙ තිබ්බ එක. ටේහ්‍යුන් එයා දිහාම බැලුවෙ ලොකු අපරාධකාරයෙක් දිහා බලන ගානට.

" මං මහ පව්කාරයෙක් "

ටේහ්‍යුන් එයාගෙ ඇඳුම් ටික කාමරේ ඇද උඩ උනා දාලා වොශ් රූම් එකට ගිහින් හයියෙන්ම දොර වහගත්තා.

බ්‍රශ් එකට toothpaste ටිකක් දාගෙන නලලට වැටිලා තියෙන කෙස් රොද එකතු කරලා පොඩි හෙයා ක්ලිප් එකකුත් ගහගෙන සින්ක් එකේ ගැට්ටට බර දීලා ටේහ්‍යුන් දත් මදින්න පටන් ගත්තෙ mirror එකෙන් පේන එයාගෙම ප්‍රතිබිම්බයට රවාගෙන.

ටික වෙලාවකින් ටේහ්‍යුන් ට mirror එකෙන් එයාව පේනව වෙනුවට පෙනුනෙ ඊයෙ රෑ අසරණ මූණකින් එයා දිහා බලන් හිටපු ඒ අහිංසක මූණ. ඒ දිලිසෙන ඇස් වෙවුලන තොල් පෙති තමන් දිහා අසරණ විදිහට බලන් ඉන්නව පෙනුනා.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now