23

1.1K 146 7
                                    

උදේම අවදි වුනත් දැනුනු සීතල නිසා නැගිටින්න කම්මැලි හිතුන ජන්කුක් ඇඟෙන් පහළට වෙලා තියෙන බ්ලැන්කට් එක පොරවගන්න ලෑස්ති වෙනකොට එයාගෙ අතෙ සිනිදු දෙයක් ගෑවෙනව දැනුනා. කලබල වුණු ජන්කුක් ඔලුව උස්සලා බලද්දි දැක්ක දෙයින් එයාගෙ හදවත නතර වුනා වගෙ දැනුනා.

මේ සීතලෙ ඇද ළඟ ගුලිවෙලා හිටියේ ටේහ්‍යුන්.. ටයිල් අතුරා තිබුණු සීතල ගෙබිමෙ වාඩි වෙලා වම් අත ඇඳ උඩින් තියාගෙන ඒ උඩින් ඔලුව තියාගෙන හොදටම නින්ද ගිහින් ඉන්න ටේහ්‍යුන් ගෙ ඔලුවෙ තමයි ඉස්සෙල්ලා ජන්කුක්ගෙ අත ගෑවිලා තිබුණෙ. ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ මෙට්ටෙ පුරා විසිරිලා.. ටේහ්‍යුන් ඉන්න විදිහ දැක්කම ජන්කුක් ට ටේහ්‍යුන් ගැන ඇති වුනෙ ලොකු අනුකම්පාවක්.. එයා තමන්ගෙ වේදනාවල් හැමදේම අමතක කරලා ජන්කුක් ලඟින් ඉන්නවා.. ඒ නිසාම ටේහ්‍යුන් ව ඇහැරවන්න ජන්කුක් හිතුවා..

" ටේහ්‍යුන් හ්‍යුන්ග්ග්.. ටේහ්‍යුන් හ්‍යුන්ග්ග්.. හ්‍යුන්ග්ග්.. නැගිටින්නකො.. ඔහොම ඉන්න බැ නෙ. ඇඳට එන්න හ්‍යුන්ග්ග්... ඔතන සීතලයිනෙ."

" ම්ම් ජන්කුක්.. දැන් ඔයාට කොහොමද ම්ම්ම්"

ඔලුව උස්සලා බලපු ටේහ්‍යුන් ජන්කුක්ගෙ නලලෙයි බෙල්ලෙයි එයාගෙ පිටිඅල්ල තියන ගමන් ඇහුවා.

" ඇයි හ්‍යුන්ග්.. මම හොඳින්.. ඔයා මොකද මෙතන කරන්නෙ.."

" හ්ම් ඔයාට ඊයෙ රෑ හොඳටම උණ තිබුනා ජන්කුක්. ඒත් දැන් නම් ඔයා හොඳින්.. thanks god..."

" එතකොට ඊයෙ රෑ ඉදන්ම හ්‍යුන්ග් බිමද හිටියේ"

ටේහ්‍යුන් තොල් හපාගෙන හිනා වෙලා ඔලුව ඉහල පහල කලා..

" හ්‍යුන්ග් ඇයි එහෙම කරෙ. ඒක පොඩි උණක් විතරයි. ඒත් බලන්න ඔයා දිහා. ඔයාගෙ අත තාම සනීප නැ. හ්‍යුන්ග් මම නෙවෙයි ඔයයි පරිස්සම් වෙන්න ඕන. හ්‍යුන්ග් ඔහොම අත කැඩුනම ගොඩාක් රිදෙනව. එ වේදනාව මාත් අත් විඳලා තියෙනව. ඉතින් හ්‍යුන්ග් ඔයා ඇයි ඔච්චර ලොකු අමාරුවක් තියාගෙන මම ගැන මෙච්චර හොයල බලන්නෙ... එන්න ඇඳ උඩට..."

" ජන්කුක්.. "

" කිව්වම අහන්න හ්‍යුන්ග් මාව තරහ ගස්සන්නැතුව ඇඳට එන්න.. ඔතන සීතලෙ ඔහොම ඉන්න බෑ..  බය වෙන්න එපා මම ඔයාව කන්නෑ. එන්න.."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now