05

1.2K 172 10
                                    

" සෝහා පැටියෝ.......... මම ආවා.........."

ජිමින් එක්ක දවසම කැෆේ එකෙ වැඩ කරපු ජන්කුක් හවස වැඩ ඇරිලා ගෙදරට ගිහින් ඉක්මනට වොශ් දාගෙන ජින් ගෙ ගෙදර ට ගියෙ බබාව අරගන්න. මොකද ජින් දාඩිය පිටින් බබාව වඩාගන්න දෙන්නෙ නෑ කාටවත්. අඩුම තරමෙ එයාගෙ අප්පා කුකීටත් ඒක තහනම්.

සෝහා බබා හිනා වෙලා ජන්කුක් ගෙ අත් දෙකට පැන්නෙ ජින්ගෙ ඔඩොක්කුවෙ ඉදලා.. ජින් බබා එක්ක සාලෙට වෙලා හිටියේ සෙල්ලම් කර කර.

"ඔයාට බබා කරදර කරාද හ්‍යුන්ග්ග්..."

"පිස්සුද කුකී... මගෙ පැටියා මට පොඩ්ඩක් වත් කරදර කරේ නෑ.."

කුකී වඩන් ඉන්න බබාගෙ චූටි රෝස පාට කකුලෙන් අල්ලල ජින් එහෙම කියද්දි, ජින් සම්චොන් කියන්නෙ ඇත්ත කියල කියන්න වගෙ ජන්කුක් දිහා බලලා හරි ලස්සනට බබා හිනා උනා.

" අනේ... මගෙ මැණික "

එ හිනාව දැකපු ජන්කුක් බබාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඒ චූටි ඔලුවට උම්මා එකක් දුන්නෙ හරි ආදරණීය විදිහට. බබත් කකුල් හොල්ල හොල්ල හිටියේ හරි සතුටින් උදේ ඉදන් පේන්න නැතුව හිටපු එයාගෙ අප්පා එයා ගාවට ආව නිසා.

" මෙ කරන උදව් වලට කුමාවෝ හ්‍යුන්ග්.."

" ඔය වචනෙ මට ඇහෙන්න කියන්න එපා කියල කී පාරක් කියල තියෙනවා ද කුකී.. ඔය ඔයාගෙ දරුවා විතරක් නෙවෙයි අපෙත් දරුවා."

ජින් කන් දෙකත් රතු කරගෙන කුකීට කෑ ගහද්දි ජන්කුක් නසරානි හිනාවක් දැම්මා.

" ආයිශ්... මට තරහ ගියාම ඔය නසරානි විදිහට හිනා වෙලා බලන්න එපා කියලත් කීපාරක් කියල තියෙනවා ද කුකී......"

ජින් තවත් රතු කරගෙන කෑ ගැහුවෙ ජන්කුක් එයාව තව තවත් අවුස්සද්දි. ජන්කුක් ගෙ ෆේවරිට්ම වැඩේ තමයි ජින්ගෙ මූන රතු වෙනකන් තරහ ගස්සන එක. ජින් තරහා ගියාම මුලු මූනම රතු වෙන්නෙ ඇපල් ගෙඩියක් වගේ.

" හරි හරි මගෙ ඇපල් ගෙඩිය. ඔච්චර තරහ ගන්න එපා ඔයා නාකි වෙයි. එතකොට අපේ නම්ජූනි හ්‍යුන්ග් පව්. ඔයා නාකි පාටට පෙනිලා එයා තරුණ පාටට පෙනුනම එයාටනෙ ලැජ්ජා.."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now