තවත් දින දෙකක් ඔහොමම ගෙවිලා ගියා.
" ජන්කුක් එහෙනම් බබාව පරිස්සමින් බලාගන්න. ආය අසනීප උනොත් ඉක්මනින් හොස්පිට්ල් එකට එක්කන් එන්න අපි ඉන්නවා ඕන දේකට..."
" තැන්කිව් ඩොක්ට. ඇත්තටම ඔයාලා ඉක්මනින් මගෙ පැටියා සනීප කරලා දුන්නා. ඇත්තටම තැන්කිව් ඩොක්ට.."
ජන්කුක් සෝහගෙ රූම් එකේ දොර ලගට වෙලා ටේහ්‍යුන් එක්ක කතා කර කර ඉන්නෙ ජින් බබාවත් අරන් රූම් එකෙන් එලියට එනකන්.
" ඒක අපේ රාජකාරිය ජන්කුක්... මම ප්‍රාර්ථනා කරනව ආය පැටියට හොස්පිට්ල් එකට නම් එන්න කිසිම ලෙඩක් වෙන්න එපා කියල "
" තැන්කිව් ඩොක්ට.."
" ජන්කුක් අපි යමු එහෙනම්"
ජින් රූම් එකෙන් එලියට ආවා.
" ජන්කුක් කවුද මේ.. "
" හෙලෝ ඩොක්ට මම තමයි කිම් සොක් ජින්. ජන්කුක් ගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මායි මගෙ හස්බනුයි තමයි"
" අහ් හෙලෝ නයිස් ටු මීට් යූ"
ටේහ්‍යුන් සතුටු හිනාවක් දාලා ජින් දික් කරගෙන හිටපු අත අල්ලලා ඉහල පහල කලා. එයාගෙ හිතේ තිබ්බ ප්‍රශ්නෙත් හරි ඔන්න.
" සෝහා පැටියා... ඩොක්ට අංකල්ව දාල යනව නේද.. ම්ම්ම්.... "
ටේහ්‍යුන් බබාගෙ නිකට යටින් චූටි තට්ටුවක් දාල කිව්වා. බබා හිනා වෙලා ජින්ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා.
සෝහා බබාට දැන් හොදටම සනීපයි. ඉතින් බබාව discharge කලා. ඉතින් ජන්කුක් ජින් ටේහ්‍යුන් ට සමු දීලා පිටත් වුනා. ඒත් සෝහා නම් නොපෙනෙන තරම් දුරට යනකන්ම ටේහ්‍යුන් දිහා ජින්ගෙ උරහිසට උඩින් එබිලා බලාගෙන හිටියේ.
ටේහ්‍යුන් ඊටපස්සෙ සෝහගෙ රූම් එක දිහා බලල ලොකු හුස්මක් අරන් එයාගෙ රාජකාරිය කරන්න යන්න පිටත් වුනා.
ටේහ්‍යුන් යන අතරතුරේ එයාගෙ හදවතයි මොලෙයි ලොකූ සංවාදයක වැටුනා
❤️ඇයි ජන්කුක් ගියාම මට පාලු දැනෙන්නෙ.
🧠 ආහ් විකාර ද ටේහ්‍යුන් මොකද මෙ ජන්කුක් ගැන හිතන්නෙ.
YOU ARE READING
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction