21

1K 153 11
                                    

තවත් දවස් කිහිපයක් ගෙවිලා ගියා. ක්‍රිස්මස් ලඟ එන නිසා කොරියාවට හිම වැටෙන්නත් පටන් අරන් තිබුනෙ හැම නගරයක්ම වාගේ හරිම කාර්‍යබහුල කරමින්. විශේෂයෙන්ම සෝල් නගරය.  කඩ සාප්පුවල නිතරම සෙනග පිරිලා හැමෝම ක්‍රිස්මස් එකට ලෑස්ති වෙනවා. ජිමින් ගෙ කැෆේ එකටත් මෙ දවස් වල සෙනග වැඩියෙන් ඇදිලා එන කාලෙ. ඉතින් ජිමින් ජන්කුක් පුදුම විදිහට කාර්‍යබහුල වෙලා ඉන්නෙ.

උදෙන්ම ඇහැරුණු ජන්කුක් එයාගෙ අත උඩ නිදාගෙන ඉන්න සෝහව පරිස්සමින් අත උඩින් අයින් කරලා බබාගෙ නලලෙන් හාදුවකුත් තියලා වොශ් එකකුත් දාගෙන කිචන් එක දිහාවට ගියෙ එයාගෙ කිරි වීදුරුව බීලා කෑම හදන්න පටන් ගන්න.

" ටේහ්‍යුන් හ්‍යුන්ග්ග්.. ඔයා මෙතන මොකද කරන්නේ.."

ජන්කුක් කිචන් එකට ඇතුල් වෙනවත් එක්කම දැක්කෙ එයාට පිටු පාලා පැන්ට්‍රි ටොප් එක ලඟ හිටගෙන ඉන්න ටේහ්‍යුන් ව.

" ඔහ් good morning ජන්කුක් ඔයා ඇහැරියද... මෙන්න ඔයාගෙ කිරි එක..."

කිචන් එකේ තියෙන ටේබල් එක උඩින් ජන්කුක් ගෙ කිරි එක තියපු ටේහ්‍යුන් එයාගෙ කිරි එකත් අරගෙන වාඩි වුනා.

" ඔයා මහන්සි වෙන්න එපා හ්‍යුන්හ් ඊයෙ ඩොක්ට කීව නේද මහන්සි වෙන්න එපා කියල."

එහෙම කියන ගමන් එයත් ටේහ්‍යුන් ට එහා පැත්තෙන් වාඩි වුනේ පුටුව උඩින් කකුලකුත් තියාගෙන.

" ආ මම අහන්න හිටියේ හේසු මොකක්ද ඊයෙ ඔයාව පැත්තකට අරන් කීවෙ ජන්කුක්.."

" ඩොක්ට කීවෙ හ්‍යුන්ග්ව මහන්සි කරන්න එපා කියල තමයි"

" එහෙනම් එච්චර හිනා උනෙ දෙන්නත් එක්ක.. මම දැක්කා හරි ද "

ටේහ්‍යුන් ඇහි බැමක් උස්සලා කියද්දි ජන්කුක් ටේහ්‍යුන් කියනන දෙ ඇහුනෙ නෑ වගෙ කිරි එක අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් දෙකත් පුළුවන් තරම් ලොකු කරගෙන කිරි එක බොන්න පටන් ගත්තේ කලු ඉංගිරියා දෙක නහය මැද්දෙ තියාගෙන.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now