ජින් අහපු ප්‍රශ්නයත් එක්ක හැමෝම එක වරම නිශ්ශබ්ද වෙලා බලන් හිටියේ ටේහ්‍යුන් දිහා. ඒත් ජන්කුක් නම් හිසත් පහත් කරගෙන එයාගෙ ඇඟිලි එකිනෙක පටලවමින් ඒවා දිහා බලාගෙන හිස ඔසවන්නැතුව එහෙමම හිටියේ ටේහ්‍යුන් දෙන්නෙ මොන වගෙ පිලිතුරක්ද කියල දන්න නිසා.
" හ්ම් මම උත්තර දෙන්නම්. හැමෝම මෙතන ඉන්න එක හොදයි. ඒත් ඊටකලින් මම ජන්කුක්ගෙන් සමාව ගන්න ඕන. මම මෙ ගෙදරට ආපු දවසෙ ඉදන් ජන්කුක් මන් ගැන හොයල බැලුව හැමදේම මම වෙනුවෙන් කරා. එයාගෙ කාලය මම වෙනුවෙන් කැප කලා. වැඩ දාහක් අස්සෙ උනත් මාව නෑව්වා කැව්වා පෙව්වා මාව එයාගෙම කෙනෙක් වගෙ බලාගත්තා.. වෙලාවකට එයා කකා ඉද්දි මම කිචන් එකට ආවොත් ඉක්මනට එයාගෙ කෑම එක පැත්තකින් තියලා මට කෑම ටික කවනවා. පැටියව අඩෝ අඩෝ මාව බලාගත්තෙ. මට තේරෙන්නැ මේවට මම ස්තූති කරන්න ඕනද නැත්තං සමාව ගන්න ඕනද කියලා. ඇත්තටම මෙ කරන දේවල් වලට ඔයාට ගොඩාක් පිං වගේම මෙහෙම කරදර කරනව මට සමාවෙන්න. ජන්කුක්.. මම දන්නවා ඔයා මට ආදරෙයි ගොඩාක් ආදරෙයි. ඒත් මට ඔයාව සතුටින් තියන්න බැරි උනා. මගෙ වැඩ නිසා මගෙ හිතුවක්කාරකම් නිසා ඔයා ගොඩාක් දුක් වින්දා. ජන්කුක් ඔයා මටත් හොරෙන් ඇඬුවා. මම ඒව දැක්කා ජන්කුක් මම එ හැමදේම දන්නවා. මෙච්චර මම වෙනුවෙන් උදව් කරපු ඔයාව මට සතුටින් තියන්න බැරි උනා. මට සමාවෙන්න ජන්කුක්. සමහරවිට ඔයා මට සමාව දෙන එකකුත් නෑ. කමන්නෑ"
ටේහ්‍යුන්ගෙ වචන ඉස්සරහා ජන්කුක්ට එයාගෙ කදුලු පාලනය කරගන්න බැරි උනා. කොච්චර හිත තද කරගෙන හිටියත් දැන් එයා ඇස් තදින් පියාගෙන අඬනවා. ජන්කුක්ට දැනුනා එයාගෙ උගුර ඇතුලින් මොනව හරි හිර වෙලා වගෙ ලොකූ වේදනාවක්.
" මට සමාවෙන්න ජන්කුක් මෙච්චර කල් ගත්තට. මට සමාවෙන්න.."
"ඇස් අරින්න මගෙ පැටියෝ"
ජින් ඉක්මනින් නැගිටලා ගිහින් ජන්කුක්ගෙ ඔලුව අත ගාන ගමන් කිව්වා.
ටේහ්‍යුන් සමාව ගත්ත විදිහෙ වගේම ජින් ඇවිත් ඇස් අරින්න කියද්දි ජන්කුක්ට යම් අමුත්තක් දැනුන නිසා වේදනාව දිය වෙලා ඇස් වල එකතු වෙලා තිබුණු කදුලු එයාගෙ අත්දෙකෙන්ම පිහ දාගන්න ගමන් ජන්කුක් හිමින් හිමින් ඇස් දෙක ඇරියා.
YOU ARE READING
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction