22

1K 146 24
                                    



" ඔහ් ජන්කුක් කොහොමද.. මහන්සි ද.."

සාලෙට වෙලා ටීවි බලමින් හිටපු ටේහ්‍යුන් ඇහුවෙ වැඩ ඇරිල ඇවිත් සෝෆා එකෙ අත පය දිගෑරලා වාඩි වුන ජන්කුක් ගෙන්.

" හ්ම්ම්ම් අද නම් හොදට ම මහන්සි හ්‍යුන්ග්ග්..."

" ගිහින් වොශ් එකක් දාගෙන එන්නකො. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා "

" ආ.. මොකක්ද "

" මුලින් වොශ් දාන් එන්න.  මම ජින් හ්‍යුන්ග්ග් ට කෝල් කරන්නම් සෝහව එක්කන් එන්න කියල. ඊටපස්සෙ පෙන්නන්නම් "

" හ්ම්ම්..  ඔයා දුශ්ටයි හ්‍යුන්ග් "

" මොකද එහෙම කියන්නෙ "

" මට දැන්ම වොශ් දාන්න කම්මැලි. මට ඇඟ රිදෙනවා... අනෙ ඒක පෙන්නන්නකෝ.. ම්හ් ම්හ් ම්හ් ම්හ් "

" බැ ගිහින් හොද ළමයා වගෙ වොශ් දාන් එන්න. ඒක පෙන්නන්න සෝහත් ඉන්න ඕන. එයත් ආස වෙයි "

" හ්ම්ම්ම් "

ජන්කුක් බැරි බැරි ගාතෙ කකුල් ඇද ඇද රූම් එකට යන්න ගියෙ ටේහ්‍යුන් ට රව රව.
.
.
.
.
.

" හ්‍යුන්ග්ග්... හ්‍යුන්ග්ග්... ඔයා කොහෙද..."

" කිචන් එකෙ ජන්කුක් "

" හරි මම ආවා.. දැන් පෙන්නන්න "

" අම්මෝ... විනාඩි පහෙන් වොශ් දැම්මද... ඔයා මාර ස්පීඩ් නෙ "

ටේහ්‍යුන් හිනා වෙවි ජන්කුක් දිහා බලල ඇහුවෙ හොදට ජන්කුක් දිහා ඇස් යවලා. ටේහ්‍යුන් හිතුවෙ ජන්කුක් කියන්නෙ බොරු කියල. ඒත් එයාගෙ කොන්ඩෙ තෙතයි.. බොඩිවොශ් එකෙ සුවඳත් හොදට  එනවා. ලොකුම ලොකු කහපාට හූඩි එකක් සහ කලු පාට පෑන්ට් එකක් ඇඳන් හිටපු ජන්කුක්ගෙ කොන්ඩෙන් තාමත් වතුර බේරෙනව. ටේහ්‍යුන් දැනගත්ත මෙ කොල්ලා කොන්ඩෙවත් හරියට වේලගෙන නැ කියලා.

" ඇත්තටම වොශ් දැම්මද"

ජන්කුක් පුළුවන් තරම් වේගෙන් ඔලුව ඉහල පහළ කලේ එයාගෙ කොන්ඩෙ තිබුනු වතුර ටේහ්‍යුන් ගෙ මූනටත් විසි වෙද්දි.

" සීතලයී.."

ජන්කුක් ඇවිත් පැන්ට්‍රි ටොප් එක උඩ වාඩි වෙලා කකුල් දෙකත් උඩට අරන් හූඩි එක ඇතුලට අත් දෙකයි කකුල් දෙකයි දාගෙන පුළුවන් තරම් ගුලි උනා.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now