15

1.1K 154 5
                                    

" ආ....හ්..... මගෙ සෝහා... ඔයා මෙහේ....."

පහුවදා උදේම ජන්කුක් සෝහවත් අරගෙන කැෆේ එකට ඇතුල් වෙද්දි කර්ට්න්ස් හදමින් හිටපු ජිමින් දොර ලගට දුවගෙන ඇවිත් බබාව වඩා ගත්තා.

ජිමින් අත් දෙක දිගු කරනකොට බබා හිනා වෙලා ජිමින්ගෙ අත් දෙකට පැන්නා.

"සෝහා බබූ... අනා මගෙ මැනික ජිමින් සම්චොන් බලන්න ආවද පැටියෝ.."

ජිමින් බබාගෙ ප්ලෆී කම්මුලක් මත එයාගෙ රෝස පාට ලිප්ස් තියලා සොෆ්ට් පෙක් එකක් දුන්නා.

" ජින් හ්‍යුන්ග්ලා අද ගෙදර නැ ජිමින්. ඉතින් අද බබත් අපිත් එක්ක."

" ඒක හොදයි. දන්නවද මගෙ පැටියො. මම හැම තිස්සෙම ඔයාගෙ අප්පට කරදර කරනව ඔයාවත් එක්කන් එන්න කියලා. ඒත් ඔයාගෙ අප්පා මම කියන එකක් අහන්නැනේ..."

ජන්කුක් හිනා වෙවීම බබාගෙ බෑග් එක ටේබල් එකක් උඩ තියන ගමන් වාඩ් උනා.

" කුකී අප්පා... අපි යනව ඇතුලට... ඔයා එහෙනම් පරිස්සමින් කිචන් එකෙ වැඩ ටික කරන්න...."

එහෙම කීව ජිමින් සෝහව වඩාගෙන රූම් එක දිහාවට කැරකි කැරකි ගියේ බබා සතුටට එක එක සද්ද දාද්දි.. බබා ගොඩාක් ආසයි ජිමින්ගෙ මේ කෝලම් වලට..

කැෆේ එකේ පොඩි රූම් එකක් තිබුනා. ඒත් එ රූම් එක ඇදුම් චේන්ජ් කරගන්න පාවිච්චි කරනවට අමතරව වෙන වැඩකට නම් මෙයාලා පාවිච්චි කරන්නෙ නැතිම තරම්. ඒත් ජන්කුක් සමහර දාට මෙහෙම බබාව එක්කන් එන නිසා දැන් එ රූම් එක සෝහට අයිති වෙලා.. සෙල්ලම් බඩු, සෝහට ඇදුම් පවා ඒකෙ තියෙනවා. සොහා නිසා ජිමින් බිත්ති වල එක එක ලස්සන හුරුබුහුටි වෝල් ආර්ට්ස් පවා අලවලා තිබුනා.

ජිමින් බබාව එක්කන් ඇවිත් බබාව කොට් එකෙන් තියලා රූම් එකේ  මුල්ලක තියෙන පුන්චි කබඩ් එක ඇරලා සෙල්ලම් බඩු ගොඩාරියක් අරන් සෝහා ට දුන්නා.

සෝහා ගොඩාක් දඟ බබෙක් නෙවෙයි එයා ගොඩාක් අහිංසකයි. ඉතින් හරි වෙලාවට එයාගෙ බන්ඩිය පුරෝපුවම එයා එයාගෙ පාඩුවෙ තනියම සෙල්ලම් කරනව. එක්කො දොයිය ගන්නවා. එයා දවල්ට ගොඩාක් වෙලා දොයියගන්න නිසා කැෆේ එකේ කියලා වෙනම සැකිල්ලක් බබාට දෙන්න වුවමනා නෑ. ඇහැරලා හිටියත් ඉතින් බබාගෙන් කිසිම කරදරයක් නැ ජන්කුක් ට. හැබැයි ඉතින් බබා ආව දාට ජිමින් නම් බබා ලගින් හෙල්ලෙන්නෙම නැති තරම්. එයා වැඩි හරියක් ඉන්නෙ බබා ලගින්.
.
.
.
.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now