04

1.4K 179 5
                                    


සුගා එක්ක ඩිනර් එක ගත්ත ටේහ්‍යුන් අපාර්ට්මන්ට් එකට ඇවිත් එ ඇදුම පිටින්ම ඇදට වැටුනෙ අද දවසෙ සිද්ද වෙච්ච දේවල් එකින් එක කල්පනා කරන ගමන්. පුන්චි පැටව්ගෙ එ හුරතල් කතා මතක් වෙද්දි ටේ ගෙ කටින් පුන්චි සිනහවක් ගියෙ එයාටත් නොදැනී. ඒත් වේදනාව දරාගන්න බැරුව පැටව් අඩන හැටි මතක් උනාම එ හිනාව ගිලගෙන මූනට ආවේ හරිම මැලවුන පෙනුමක්. හැමදාම ඉතින් ටේහ්‍යුන් කලපනා කරන්නෙ මෙන්න මේ දේවල් තමයි.

සිවිලිම දිහා ටිකක් වෙලා බලාගෙන කල්පනා කරපු ටේහ්‍යුන් ටික්කින් වොශ් එක්කුත් දාගෙන ලා දුඹුරු පාට පිජාමා එක්කින් සැරසිලා පොප්කෝන් ටික්කුත් අරන් ඇවිත් ටීවි එක ඉස්සරහ වාඩි වෙලා netflix ඔන් කරගත්තේ හෙට නිවාඩු දවසක් නිසා. තනියම ජීවත් වෙන ටේහ්‍යුන් නිවාඩු දවසට කලින් දවසෙ රෑ කරන්නෙ එලි වෙනකන්ම netflix බලන එක. ඒක එයාට දැන් පුරුද්දක් වෙලා. ඊටපස්සෙ ඉතින් පහුවදා 11, 12 වෙනකන් නිදාගන්නවා.
.
.
.
.
.
.
.
.

" දොර ඇරපන් ටේහ්‍යුන් උඹ මැරිලද "

පාන්දර වෙනකන් ඇහැරන් හිටිය නිසා ටේහ්‍යුන් තාමත් නිදි. එතකොට හොබී කෝල් කරලා කෑ ගහන්න ගත්තා.

" හ්‍යුන්ග්....."

ටේහ්‍යුන් පෝන් එකත් කනේ තියාගෙන නිදිමතේම කෙදිරුවෙ උදේ පාන්දරම හොබී කතා කරන්නෙ ඇයි කියල බලන්න.

" දොර ඇරපං මිනිහෝ... බෙල් එකක් කියල එකක් හයි කරන් ඉන්නවා ඒකෙ මං නැගගෙන හිටියත් උබට ඇහෙන්නැ. එක්කො ඕක බෙල්ලෙ එල්ල ගන්නවා.."

" ආ....හ් හ්‍යුන්ග් හිමින්.... මගෙ කන.."

ටේහ්‍යුන් පෝන් එක කන අස්සෙම තියං හිටිය නිසා හොබීගෙ සද්දෙට එයාගෙ කනත් රිදෙන්න ගත්තා.

" මම දැන් එතකොට කීය වෙනකන් මෙතන හිටන් ඉන්න ඕනද ටේ. උඹ දොර අරින්නෙ කවද්ද.."

" මොන දොරද..."

ටේහ්‍යුන් තාමත් නිදිමතේ නිසා හොබි කියන කිසිම දෙයක් එයාගෙ ඔලුවෙ වැඩ කලේ නෑ. හොබීගෙ කච කචෙ විතරයි එයාට ඇහුනෙ.

" දොර ඇරපන් ටේයා.. මම උඹගෙ ගෙදර දොර ඉස්සරහ දැන් විනාඩි 15ක ඉදන් හිටගෙන ඉන්නෙ.."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now