27

1K 140 8
                                    

" හ්‍යූ..න්ග්ග්ග්ග්... හ්‍යූන්ග්ග්.... අනෙ ඉක්මනට එන්නකෝ... හ්‍යූ...න්ග්ග්...."

හිටි හැටියෙම ජන්කුක් කෑ ගහන්න ගත්තෙ ටේහ්‍යුන් රූම් එකට වෙලා ටිකකට කලින් ඇහැරලා අඬන සෝහව නලවගන්න ලොකූ සටනක යෙදෙද්දි. එයාගෙ අප්පා මහලොකුවට එයා නිදාගෙන ඉද්දි කිරි එක හදාගෙන එන්නම් කීවට දැන් පැයකටත් කිට්ටු වෙනව තාම නම් ආපු අප්පෙක් නෑ.

" ඇයි ජන්කුක්ක්... සෝහා ඇහැරලා.... මට එන්න විදිහක් නෑ... ඇයි කතා කරන්නේ..."

ටේහ්‍යුන් සෝහට එක එක සෙල්ලම් බඩු පෙන්නලා රවටන්න උත්සහ කරන ගමන්ම ජන්කුක්ට පිලිතුරු දුන්නා..

" අනෙ මූ මාව කයී.. ඉක්මනට එන්නකො හ්‍යූන්ග්ග්ග්.. සතේක්ක්ක්ක්.... අනේ බයයී... ආහ්හ්..."

ජන්කුක්ගෙ කෑගැහිල්ලට කලබල වුන ටේහ්‍යුන් පුළුවන් හැටියට සෝහව තනි අතින් වඩාගෙන ඉක්මනට දුවගෙන ගියෙ ජන්කුක් කෑ ගහන දිහාවට. සෝහව තනියම ඇඳේ දාලා යන්න බයයි මොකද දැන් එයා දණ ගාන නිසා ඇඳෙන් බිමට පනියි කියල බයයි.

" ජන්කුක් මෙ දොර අරින්න ඉක්මනට.. ජන්කුක්..."

ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගෙ රූම් එකේ දොරත් වහගෙන. හැබැයි මෙ වෙනකොට නම් සෝහගෙ ඇඬිල්ල නතර වෙලා තිබුනා. ටේහ්‍යුන් තනි අතින් සෝහව එල්ලගෙන වගෙ හිටියේ. තාම එයාගෙ අත සනීප මදි නිසා හරියට වඩාගන්නත් බෑ. සෝහට රිදෙනවත් ඇති. ඒත් මෙ දඟ කොල්ලා ඒකට ආසයි වගේ. ඉස්සෙල්ලා රූම් එක දෙකක් වෙන්න ඇඬුවට දැන් හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා. මාර භාණඩයක් තමයි මෙයත්..

" ජන්කුක් ඉක්මනට මෙ දොර අරින්න තවත් මාව බය කරන්නැතුව... "

" ටඩා.... මගෙ බර්ත්දෙ බෝයිස්... හැපි බර්ත්දේ... බුහහා..... එන්න ඇතුලට... අද ඔයාලගෙ දවස... හැපි හැපි හැපි හැපිම හැපි බර්ත්දෙ එකක් වේවා... ඔහ් මගෙ හා පැටියා වැටෙයි දෙයියනේ "

ජන්කුක් දොර ඇරලා දෙන්නව රූම් එකට අරන් ආයෙම දොර වහලා ටේහ්‍යුන් තනි අතින් එල්ලන් හිටපු සෝහා පැන්චව වඩා ගත්තේ ටේහ්‍යුන් පුදුමයෙක් කට ඇරගෙන බලන් ඉද්දි.

"ජන්කුක්ක්ක්ක්.... ඔයා මාව ගොඩාක් බය කලා.."

" හී... සප්‍රා...යිස්ස්ස්... හී..."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now