24

1K 157 7
                                    



" මොනාද මේ සීතලෙ එලියට වෙලා ඔච්චරටම කල්පනා කරන්නෙ ජන්කුක්.."

ජන්කුක් බැල්කනියට වෙලා අත් දෙකත් බැඳගෙන අහස දිහා බලන් කල්පනා කරනව දැකපු ටේහ්‍යුන්ත් ජන්කුක් ලඟට ඇවිත් ජන්කුක්ට එහා බැත්තෙන් බැල්කනියට හේත්තු වුනා.

" මුකුත් නැ හ්‍යුන්ග්.. "

" ම්ම් ඔයා අඬනවද.."

" ම්හ් නැ හ්‍යුන්ග්.. මේ සීතලට කඳුලු එන්නෙ.."

හූඩි එකේ අත් දෙකෙන් එ ඇස් වලින් ගලාගෙන ඇවිත් කම්මුල් තෙමාගෙන ඇවිත් තුබුණු කදුලු පිහගත්ත ජන්කුක් සීතල නිසා අත් දෙක එකට මැදලා කලිසමේ සාක්කුවට හොවා ගත්තා..

" සීතලයිනෙ ඇතුලට යමු"

" මම ටිකක් ඉඳලා එන්නම් හ්‍යුන්ග්.. හ්‍යුන්ග් යන්නකො ඇතුලට "

" ජන්කුක් ඔයා මුකුත් ගැන වද වෙනවද. මට ඔයාගෙ අමුත්තක් පේනවා. කැමති නම් මාත් එක්ක කියන්න.. "

" හ්ම්. මට  ඔම්මයි අප්පයි හ්‍යුන්ග් යි මතක් උනා හ්‍යුන්ග්. එයාලත් හිටියා නම් අපිත් එක්ක. පව් හ්‍යුන්ග් එයාලා..."

ජන්කුක්ගෙ කම්මුල් දිගෙ ආයෙත් කදුලු පේලියක් ගලාගෙන ගියා.

" අඬන්න එපා ජන්කුක්. එයාලා කොහේ හරි ඉදන් ඔයා දිහා බලාගෙන ඇති. ඔයා ඇඬුවොත් එයාලටත් දුක හිතෙයි."

" එ එ එයාලට ම් මාවත් අ අ අරන්ම යන්න ත් ති තිබුනනෙ හ් හ් හ්‍යුන්ග්ග්.."

වෙවුලන තොල් පෙති වලින් එ වචන පිට වුනේ ටේහ්‍යුන් ගෙ හදවතේ අමුතු කණගාටුදායක සිතුවිල්ලක් පුරවමින්.

" එහෙම කියන්න එපා ජන්කුක්... අපි කැමති දේවල් , අපිට ඕන දේවල් හැමදේම අපි ළඟම රැඳෙන්නෙ නැ. ජීවිතෙ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ජන්කුක්. අපි කාටවත් අපි කැමති විදිහට ජීවත් වෙන්න බෑ. අපි කාටවත් අංගසම්පූර්න දේවල් හම්බෙන්නෙ නෑ.. "

" හ්ම් මට ම් මට එ එ එයාලව මතක් වෙ ව් වෙනව හ්‍යුන්ග්.."

" ශක්තිමත් වෙන්න ජන්කුක්. ඔයාට දැන් ලොකූ වගකීමක් තියෙනවා. සෝහා පැටියව ඔයා උස් මහත් කරන්න ඕනෙ.  වැදගත් මහත්තයෙක් විදිහට එයාව මේ ලෝකෙට දෙන්න ඕනි. ඉතින් ඔයා ඔහොම දුර්වල වෙලා බැ නේද.."

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now