Part 02...

268 40 6
                                    


Nj : ගුඩ් මෝනින් ජන්ග්කුක්..

උදෑසනම ජන්ග්කුක්ව දුටු නම්ජූන් සිනාසුනා..

Jk : ගුඩ් මෝනින් මිස්ට කිම්.. මම මිස්ට කිම් එනකම් හිටියෙ..

Nj : ඔහ් එහෙමද.. ?? එහෙනම් අපි පන්තියට යමු..

Jk : මම ජිමිනිව දාලා ආවේ.. එයාට තරහා යන්න කලින් යමු..

මිනිත්තු කිහිපයකින් ඔවුන් දෙදෙනා පන්ති කාමරයට පැමිනියා..

Jm : ජන්ග්කුකී මම - - - ඔහ් මිස්ට කිම්.. ගුඩ් මෝනින්..

Nj : ගුඩ් මෝනින් පැටියෝ..

ජිමින් තරහෙන් බෙරිහන් දීමට පටන් ගත්තන් එතන සිටි ඔවුන්ගේ පන්තිභාර ගුරුවරයාව දැක ඔහු සන්සුන් උනා..

Nj : ඔයාද ජන්ග්කුක් කියන එයාගෙ හොඳම යාලුවා.. ??

Jm : ඔව් මිස්ට කිම්..

Nj : ජන්ග්කුක් ඇත්ත කියලා තියෙන්නෙ.. එයාට ඉන්න්ගෙ හුඟක් ලස්සන , හුරතල් යාලුවෙක්..

ජිමින්ගේ රතු වන කම්මුල් දෙස බලා නම්ජූන් ජන්ග්කුක්ට ඇසක් ඉඟි කලා.. නම්ජූන්ගේ වවන් වලින් ජිමින්ගේ කේන්තිය සම්පුර්ණයෙන්ම නැතිව ගොස් තිබුනා.. පෙර දිනයේදී ජිමින් නොමැති නිසා ජන්ග්කුක් වැඩි වශයෙන්ම කාලය ගත කලේ නම්ජූන් සමගයි.. නම්ජූන්ට ජිමින් ගැන වර්නනාවක් ඉදිරිපත් කිරීම ගැන ජන්ග්කුක් මේ මොහොතේ සතුටු උනා..

Jm : පාඩම පටන් ගන්න වෙලාව තියෙන නිසා අපි ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව බලන්න යමුද.. ??

ඉදිරිපස පෝලිමේ ජන්ග්කුක් අසලින්ම අසුන්ගත් ජිමින් විමසන විට ජන්ග්කුක් හිස දෙපසට වැනුවා..

Jk : ඔයාට ඕන අරයව බලන්න..

ජන්ග්කුක් පවසන විට ජිමින් ලැජ්ජාවෙන් රතු වුනා..

Jk : ඔයා ගිහින් එයාලව බලලා එන්න..

Jm : එතකොට ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්..

Inevitable Destiny....Where stories live. Discover now