Jn : කුකී නැගිටින්න..
උදෑසනම ජන්ග්කුක්ගේ කාමරයට පැමිනි සොක්ජින් ඔහුව ඇහැරවන්නට පටන් ගත්තා..
Jk : ම්හ්ම්..
Jn : බෑ කියලා හරියන්නෙ නෑ.. කෝ කෝ නැගිටින්න..
අනෙක් පසට හැරී පොරෝනාව තුලට ගුලි වූ ජන්ග්කුක් නිදිමතේම සොක්ජින් දෙස බලන විට සොක්ජින් එය පසෙකට ඇද දැමුවා..
Jk : තව චුට්ටක් ඉන්න දෙන්නකො පපා..
Jn : කුකී අංකල් බොස් එනවා අද..
Jk : මෙච්චර උදේම එන්නෙ නෑනෙ..
ඒ මේ අත හැරෙමින් පොරෝනාව සොයන ගමන් ජන්ග්කුක් කෙඳිරිගෑවේ කම්මැලිකමේ..
Jn : බබා දැන් වෙලාව දහයත් පහුවෙලා...
Jk : හ්ම් හ්ම්..
Jn : කෝ නැගිටලා වොශ් දාලා ඇඳුමක් දාගන්න..
අවසානයේ තවත් මිනිත්තු ගනනකට පසු ජන්ග්කුක් ඇඳෙන් නැගිට්ටා..
Jn : කුකී ඔයාගෙ ඇස් රතු වෙලා.. ඔයා ඇඬුවද.. ??
Jk : න්-නෑ.. මම මොකටද අඬන්නෙ.. ??
Jn : ඔයා - - -
Jk : මම අංකල් බොස් එන්න කලින් වොශ් දාගෙන එන්නම්..
සොක්ජින් කතා කිරීමට පෙර ජන්ග්කුක් නාන කාමරය වෙත ගියා.. මන්ද පෙර දින රාත්‍රියේ ඔහු නම්ජූන් සහ ඔහුගේ පවුල ගැන සිතමින් හැඬූ බව සොක්ජින් දැනගන්නවාට ජන්ග්කුක් අකමැති උනා..
Jn : හෝසක් එන්න ඇතුලට..
සොක්ජින්ගේ ඇරයුමත් සමග හෝසක් සිනහවෙමින්ම නිවස තුලට පැමිනියා..
Jn : ජන්ග්කුකී මෙන්න ඔයාගෙ අංකල් බොස් ඇවිල්ලා..
සොක්ජින් හඬ නගා පවසන විට හෝසක් ඔහු දෙස බැලුවා..
Hs : අංකල් බොස්.. ??
Jn : අහ් ඔව්.. කුකී ඔයාව අඳුරන්නෙ ඒ නමින්..
හෝසක් සිනහවක් සමගම හිස වැනුවා..
Jn : ඕහ්හ් මේ ඉන්නෙ.. කෝ එන්න පපා ලඟට..
YOU ARE READING
Inevitable Destiny....
Fanfiction"Even though time has passed, there were love stories that didn't change a bit.." " Time solves everything according to destiny.." Inevitable Destiny... ( Unchanged after many years )