ජන්ග්කුක්ගේත් නම්ජූන්ගේත් පිය පුතු සම්බන්ධය තවත් ශක්තිමත් කරමින් දින කිහිපයක් ගෙවී ගියේ ඔවුන්ගේ විභාගයට ඇති කාලය බොහෝ සෙයින් ලන් කරමින්..
Nj : මම අද කියලා දුන්නු ඒවා තේරුණා නේද.. ??
Jk : ඔව් ඩැඩා..
ජිමින්ව ඔහුගේ නිවසෙන් ඇරලවා යන අතරවාරයේ නම්ජූන් ජන්ග්කුක්ගෙන් ඇසුවේ අද දින පාඩම පිලිඹඳවයි..
Nj : ගුඩ්.. එහෙනම් ගෙදර ගිහිල්ලත් පාඩම් කරන්න.. පාඩම් කරනකොට දන්නෙ නැති මොනාහරි දෙයක් තිබුණොත් මට කෝල් එකක් ගන්න.. වෙලාව කීය වුනත් ප්‍රශ්නයක් නෑ.. ඕකේ.. ??
Jk : ඕකේ ඩැඩා..
Nj : එහෙනම් ස්ට්‍රෙස් වෙන්නෙ නැතුව හෙට එක්සෑම් හොඳට කරන්න ඕන.. හරිද.. ??
ජන්ග්කුක් හිස වනමින් කැමැත්ත ප්‍රකාශ කලා.. පිටතින් සාමාන්‍ය ලෙස සිටියත් ජන්ග්කුක්ගේ හද තුල වූයේ තිගැස්මක්.. පාඩම් වැඩ හොඳින් කලත් විභාගයට සාර්තකව මුහුණ දීමට හැකිවේ දැයි යන්න පිලිඹඳව ඔහුට විශ්වාසයක් නැති වුනා..
Nj : අපි ආවා.. බහින්න..
Jk : ඔහ්හ්..
ජන්ග්කුක් නොදැනුවත්වම ඔහුගේ නිවසට ලඟා වී සිටියා.. දෙදෙනාම වාහනයෙන් පිටතට පැමිණියේ සුපුරුදු ලෙසට එකිනෙකාට සමුදීමටයි..
Nj : කූ බබා කෝ එන්න..
ජන්ග්කුක්ව තුරුලට ගත් නම්ජූන් ඔහුගේ කම්මුල් දෙක තම විශාල දෑතට මැදි කරගත්තා..
Nj : බය වෙලා නේද ඉන්නෙ.. ??
Jk : ම්ම්ම්..
ජන්ග්කුක් ඔව් ලෙස පැවසීමට හිස මදක් සොලවන්නට වුනා..
Nj : ඇයි මේ ඉතින්.. ?? ඔයා හොඳට වැඩ ටික කලානෙ දරුවො.. මම හොඳට ඉගැන්නුවනම් , ඔයා හොඳට ඉගෙනගත්තනම් අනිවාර්යයෙන්ම ඔයාට එක්සෑම් එක අමාරු වෙන්නෙ නෑ.. දැන් බය නොවී ගෙදරට ගිහින් අපි මෙච්චර කල් ඉගෙනගත්ත ඒවා බලාගන්න.. හරිද.. ??
YOU ARE READING
Inevitable Destiny....
Fanfiction"Even though time has passed, there were love stories that didn't change a bit.." " Time solves everything according to destiny.." Inevitable Destiny... ( Unchanged after many years )