Part 04...

280 43 7
                                    

Jk : ප්ලීස් පපා.. හෙටට විතරක්..

Jn : හේතුවක් නැතුව අපිට ගෙදර නවතින්න බෑ කුකී..

ජන්ග්කුක් ජිමින්ගේ නිවසේ සිට සොක්ජින් සමගින් නැවත නිවස කරා යමින් සිටියා..

Jk : ම්ම්ම්.. එහෙනම් මගෙයි පපාගෙයි බඩ රිදෙනවා.. එහෙම කියමු.. අපි ගෙදර ඉමුකෝ..

ජන්ග්කුක් සුරතල් ලෙස පවසන විට සොක්ජින්ට සිනහවීමට අවශ්‍ය වුනත් ඔහු ආයාසයෙන් එය වලක්වා ගත්තා..

Jk : අනේ පපා..

Jn : එහෙම නිවාඩු ගන්න බෑනෙ පැටියො..

Jk : ඒත්.. ඒත් මට පපා එක්ක ගෙදර ඉන්න ඕනි..

ජන්ග්කුක් දුකින් පවසන විට සොක්ජින් ඔහුගේ හිස අතගෑවා..

Jn : ඔයා හෙට ස්කූල් යන්න.. පපා ඉක්මනට නිවාඩුවක් ගන්නම්කො.. අපි එදාට හුඟක් විනෝද වෙමු..

Jk : ප්‍රොමිස්.. ??

Jn : ප්‍රොමිස්..

සොක්ජින්ගෙන් පොරොන්දුවක් ගත් ජන්ග්කුක් නිවසට යනතුරුම සතුටින් උඩ පනිමින් ගමන් කලා..













Nj : ගුඩ් මෝනින් පැටියෝ..

Jk : මෝනින් මිස්ට කිම්..

ජන්ග්කුක් දුකින් මෙන් පෙනුන නිසා නම්ජූන් කලබල වුනා..

Nj : ඔයා දුකින්ද පැටියො.. ??

Jk : ඔව් මිස්ට කිම්.. මට ලොකු ප්‍රශ්නයක්..

ජන්ග්කුක් පැවසුවේ ඔහුගේ දෙනෙත්ද විසල් කරගනිමින්..

Nj : මොකද උනේ.. ??

Jk : මට තේරෙන්නෙ නෑ අපේ හිස්ට්‍රි බුක් එකේ ඉන්න කින්ග්ස්ලා සේරටම එක වගේ නම් තියෙන්නෙ ඇයි කියලා.. එහෙම උනාම පැටලෙනවා..

නම්ජූන් සැනසීමෙන් හුස්මක් පහත හෙලලා ආදරනීය විදිහට සිනාසුනා.. පෙර දින සිදුවුන සියල්ල අමතක කර දමා ජන්ග්කුක් නව දිනයක් අරඹා ඇති බව නම්ජූන් වටහාගත්තා..

Nj : අපිට එක්සෑම් එකට කල් තියෙනවනෙ.. මම ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුලුවන් විදිහට ලෙසන්ස් කියලා දෙන්නම්..

Inevitable Destiny....Where stories live. Discover now