Part 06...

237 38 10
                                    

Hs : ජින්ගෙ පවුලෙ කවුද ඉන්නෙ.. ??

හෝසක්ගේ පැනයත් සමග සොක්ජින් ඔහු දෙස බැලුවා..

Jn : මමයි මගෙ බබයි විතරයි..

Hs : බබා.. ?? සොක්ජින් මැරීඩ්ද.. ??

හෝසක් පුදුමයෙන් අසන් විට සොක්ජින් සිනාසුනා..

Jn : හෝසක් හිතුවෙ නැති උනාට මට වයස තිස් පහක්.. මගෙ බබා ජන්ග්කුක්ටත් අවුරුදු දාහතරක්..

Hs : මොකක්.. ??

පුදුමයෙන් විසල් කරගත් දෑසින් යුතුව හෝසක් සොක්ජින් දෙස බැලුවා..

Hs : හිතාගන්නත් බෑ.. මම හිතුවෙ ඔයාට වයස තිහකටත් අඩු ඇති කියලා..

හෝසක් ඔහුගේ සුපුරුදු සිනහවෙන්ම පැවසුවා..

Hs : ම්ම්ම්.. එතකොට සොක්ජින්ගෙ වයිෆ්.. ?? අයි මීන් - - -

Jn : ඒක මම හෝසක්ට වෙන දවසක කියන්නම්..

හෝසක්ගේ වාක්‍යය සම්පූර්ණ වීමටත් පෙර සොක්ජින් පැවසූ විට ඔහු හිස වනමින් කැමැත්ත ප්‍රකාශ කලා..

Hs : දවස් දෙකක නිවාඩුවෙ මොකද කරන්නෙ.. ??

මිනිත්තු කිහිපයකට පසු නිහඬ බව බිඳිමින් හෝසක් කතා කලා..

Jn : විශේශ දෙයක් නෑ.. හෙට දවසම මම ජන්ග්කුක් එක්ක ඉන්නවා.. අපිට ගොඩ කාලෙකින් එකට ඉන්න බැරි උනා..

Hs : ඕහ්හ්..

Jn : අනිද්දා මම ෆ්‍රී.. හෝසක් කැමතිනම් අපේ ගෙදර එන්න.. ඔයාට ජන්ග්කුක්වත් අඳුරගන්න පුලුවන් එතකොට..

සොක්ජින් සිනාමුසුව පැවසුවා..

Hs : අනිද්දා.. ?? ඕකේ මම එන්නම්.. එදාට මමත් ෆ්‍රී..

Jn : හරි.. හෝසක් මට කෝල් එකක් දෙන්නකො එන්න කලින්..

Hs : හරි..

Jn : මං කාලා ඉවරයි.. එහෙනම් මම දැන් ආපහු වැඩ කරන්න යනවා මිස්ට ජන්ග්..

Inevitable Destiny....Where stories live. Discover now