Part 15...

239 39 23
                                    

? : මිස්ටර් සොක්ජින්..

Jn : ඔහ්.. ඔව් කියන්න මිසිස් හැනා..

අසල්වැසි නිවසේ සිටින මිසිස් හැනා සොක්ජින්ව නවතාගත්තේ දෙයක් පැවසීමටයි..

Mrs Hana : මිස්ට‍ර් සොක්ජින්ට කියන්න දෙයක් තියෙනවා..

හැනාගේ මුහුණේ තිබුන බැරෑරුම් ස්වරූපය නිසා උනන්දුවෙන් සොක්ජින් හිස වැනුවා..

Mrs Hana : අද කවුද මන්දා කලු ඇඳගත්ත මනුස්සයෙක් ඇවිත් මගෙන් ඔයාලා ගැන විස්තර ඇහුවා.. මුලින්ම ජන්ග්කුක් පුතාගෙ නම කියලා එයාගෙ පේරන්ට්ස්ලා ගැන ඇහුවා.. මෙහෙ තව ඉන්නෙ කවුද වගේ දේවලුත් ඇහුවා..

Jn : හහ්හ්.. ??

Mrs Hana : ම්ම්ම්.. ඒ කෙනා මට කතා කරලා තවත් ගෙවල් දෙකකට විතර යනවා මම දැක්කා.. ඒ ගිහින් ඔයාලගෙ ගෙදර පෙන්න පෙන්න කතා කලා..

මිසිස් හැනා පැවසූ පරිදි ඔවුන් ගැන විස්තර සෙව්වේ කවුදැයි කියා සොක්ජින් කල්පනා කරන්නට වුනේ තවත් ප්‍රශ්න දහසක් පමණ හිත තුල පැණ නැගෙන විටයි..

Jn : මිසිස් හැනා.. ඔයා මොනවද එයාට කිව්වෙ.. ??

Mrs Hana : මිස්ට‍ර් සොක්ජින් ගැන මේ පැත්තෙන් දන්නෙ මම විතරක් නිසා ඔයාගෙන් අහන්නෙ නැතුව විස්තර කියන එක හරි මදි කියලා මට හිතුනා.. ඒක හින්දම මම ඒ මනුස්සයට මොකුත් කිව්වෙ නෑ..

Jn : ඔයා කරලා තියෙන්නෙ හුඟක් හොඳ දෙයක් මිසිස් හැනා.. ඇත්තටම හුඟාක් ස්තූතියි.. ආපහු කවුරුහරි ඇවිත් ඇහුවත් අපි ගැන මුකුත් කියන්න එපා.. ඒ වගේම ඒ ගැන මාව දැනුවත් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්..

Mr Hana : මම ඔයාට ආපහු එහෙම දෙයක් වුනොත් කියන්නම් මිස්ටර් සොක්ජින්..

හැනාට ස්තූති කල සොක්ජින් කල්පනා කරමින්ම ඉක්මනටම නිවසට ඇතුල් වුනා.. වෙනදා මෙන් ජන්ග්කුක් සුපුරුදු ලෙස ඔහු වෙතට දිව ආවේ නැති නිසා සොක්ජින්ගේ හිතේ ඇති වුනේ යම් තිගැස්මක්..

Jn : කුකී.. ??

සොක්ජින් නිවසට ඇතුල් වන විට රූපවාහිනිය ක්‍රියාත්මකව තිබුණත් ජන්ග්කුක් පෙනෙන්නට සිටියේ නෑ.. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගත්තා..

Inevitable Destiny....Where stories live. Discover now