Part 09...

224 34 6
                                    

යූරා කේන්තියෙන්ම ගියේ සෝජූන්ගේ නිවස වෙතටයි.. ඉහල මහලේ සිට පහලට එන සෝජූන්ව දැක යූරා තමාගේ කේන්තිය මැඩ ගනිමින් ඔහු හා අහිංසක ලෙස සිනාසුනා..

Seojoon : මොකද හදිස්සියෙම මෙහෙ.. ??

එසේ අසමින්ම සෝජූන් යූරාට ඉදිරියෙන් ඇති පුටුවෙහි හිඳගත්තා..

Yoora : මට තේරෙන්නෙ නෑ අංකල් මොනා කරන්නද කියලා..

Seojoon : මොකද වුනේ.. ?? නම්ජූන් ඔයාට කෑගැහුවද.. ??

Yoora : මම එයාට කිව්වා ඩේට් එකකට යමු කියලා.. ඒත් එයා - - -

සෝජූන් විමසන විට පහත් හඬකින් මුමුනපු යූරා වාක්‍යය අවසන් නොකරම සුසුමක් පහත දැම්මා..

Seojoon : නම්ජූන්ගෙ හැටි ඔහොම තමයි.. ඔයා දැන්ම උත්සාහය අත් අරිනවද.. ??

Yoora : අනේ නෑ.. මම නම්ජූන්ව මගේ කරගන්නවමයි..

කට කොනින් සිනහවුන යූරා සෝජූන් දෙස බලා පැවසුවා.. සෝජූන්ගේ මුහුනේ ඇදුනේද එවැනිම කපටි සිනහවක්..

Seojoon : හැබැයි නම්ජූන් කියන්නෙ ලේසියෙන් කෙනෙක්ව ආශ්‍රය කරන්න පටන් ගන්න කෙනෙක් නෙවෙයි..

Yoora : මට පුලුවන් මගේම ක්‍රමයක් පාවිච්චි කරන්න..

Seojoon : හ්ම්ම්.. කොහොමත් ගෑණුන්ට පිරිමි වශී කරගන්න පුලුවන් බලයක් උපතින්ම ලැබෙනවනෙ..

සෝජූන් සිනහවෙමින් පවසන විට යූරාද ඔහුගේ සිනහවට එක් වුනා..

Yoora : හැබැයි මට අංකල්ගෙන් උදව්වක් ඕන..

Seojoon : අනිවාර්යයෙන්ම.. මම ඔයාට ඕන උදව්වක් කරන්නම් යූරා..

එලෙස පැවසූ සෝජූන් පසෙකින් අසුන්ගෙන ඔවුන් දෙස බලා සිටිනා නාරා දෙසට හැරුනා..

Seojoon : ඉතින් පුංචි කෙල්ලෙ කොහොමද.. ??

Naara : මම හොඳින් අංකල්..

Seojoon : ඔයාට පුලුවන් මට සීයා කියලා කතා කරන්න..

නාරාගේ දෑස් සතුටින් ආලෝකමත් වන විට සෝජූන් ඇය අසලට ගොස් ඇගේ හිස අතගෑවා..

__________________________________________________


වෙහෙසකර දිනයක් අවසානයේ සොක්ජින් නිවසේ සියලු වැඩ අවසන් කර පිරිසිඳු වී ඇඳට පැමිනියේ සුව නින්දක් බලාපොරොත්තුවෙන්.. මිනිත්තුව දෙක ගත වන විට ඔහුගේ දෑස් පියවෙන්නට පටන් ගත්තත් හදිසියේම කාමරයේ දොරට කෙනෙකු තට්ටු කල නිසා සොක්ජින් ඇඳෙන් හිඳගත්තා..

Inevitable Destiny....Where stories live. Discover now