Part 18...

184 29 20
                                    

Jn : අනේ මට හුඟක් සතුටුයි හෝසක්.. ජන්ග්කුක් ඔච්චර උනන්දුවෙන් ඉගෙනගත්තෙ එයාගෙ ක්ලාස් ටීචර් නිසා තමයි..

ජන්ග්කුක්ගේ ලකුණු පිලිඹඳව හෝසක්ගෙන් දැනගත් සොක්ජින් පැවසුවේ සතුට දරාගත නොහැකිවයි..

Jn : හෝසක් අහන්නකො.. මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන..

Hs : ඔව් කියන්න..

Jn : මෙහෙමයි..

සොක්ජින් ඔහුගේ සිතේ ඇති අදහස හෝසක්ට පවසන්නට වුනා..

Hs : ඒක හුඟක් හොඳයි.. එයා සතුටු වෙයි..

හිස වැනූ සොක්ජින් එයට එකඟ වුනා..

Hs : එහෙනම් අපි අද ටිකක් කලින් ගෙදර යමුද.. ?? එතකොට අපිට වෙලාවත් ඇති වෙයිනෙ..

Jn : ඒකට කමක් නැද්ද.. ??

Hs : ඔයාගෙයි මගෙයි දෙන්නගෙම වැඩ ඉවරයිනෙ.. ඒ නිසා කමක් නෑ.. ඔයාගෙ බඩු ටික අරගෙන එන්න.. මම පහල කාර් එක ලඟ ඉන්නම්..

Jn : හරි.. තෑන්ක්ස් හෝසක් අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට..

සොක්ජින් පැවසුවේ හෝසක්ට ස්තූති කල යුතු ආකාරය හරි හැටි සිතාගත නොහැකිවයි..

Hs : මම කිව්වනෙ.. ඔයා වෙනුවෙන් කරන දේවල් මම කරන්නෙ සතුටින් කියලා.. ඒ නිසා තෑන්ක්ස් කරන්න ඕන නෑ..

සිනාමුසුව පැවසූ හෝසක් ඔහුගේ වාහනයේ යතුරද ගෙන කාර්‍යාලය කාමරයෙන් පිටතට ගියා..
















___________________________________________________
















නිවසට පැමිණි පසු සවස් කාලයේදී රූපවාහිනිය නරඹමින් සිටි ජන්ග්කුක්ගේ අවදානය නිවසේ ප්‍රධාන දොර වෙතට යොමුවුනේ ඇසුන යතුර කරකවන හඬින්..

Jk : පපා.. ?? හෝසු අංකල්.. ?? ඔයාලා කලින් ඇවිත්..

බිත්ති ඔරලෝසුව දෙස බැලූ ජන්ග්කුක් හනික හිඳ සිටි තැනින් නැගිට සොක්ජින් ලඟට දිව ගියා..

Inevitable Destiny....Where stories live. Discover now