නම්ජූන් උදෑසනම නිවසෙන් පිටතට ගොස් මනස සැහැල්ලු කරගැනීමට තීරණය කලේ එදින ඉරිදා දිනයක් වූ නිසායි.. තමාගේ පාපැදියට නැගී මාවතේ මද දුරක් ගමන් කල නම්ජූන් නිහඬ පරිසරයක තිබුන පුස්තකාලයට ගියා.. පොතක් තෝරාගත් පසු ඔහු මේසයේ ඇති අන්තිම අසුනට ගොස් හිඳගත්තා.. පුද්ගලයන් දෙතුන් දෙනෙකු පමණක් සිටි නිසාවෙන් පුස්තකාලය තුල තිබුනේ දැඩි නිස්කලංක බවක් හා ඝෝෂාකාරී නොවුන වටපිටාවක්.. එකවරම ඔහුගේ සහ පුස්තකාලය තුල සිටි කිහිපදෙනාගේ අවදානය බිඳුනේ නම්ජූන්ගේ දුරකතනයට පැමිණි ඇමතුමෙන්..
Nj : මට සමාවෙන්න..
ඉක්මනින්ම හිඳ සිටි තැනින් නැගිට්ට නම්ජූන් සමාව ගෙන පුස්තකාලයෙන් පිටතට ගියේ ඇමතුමට පිලිතුරු දීමටයි..
" Nj : හෙලෝ කූ බබා.. "
" Jk : ඩැඩා ඔයා වැඩකද හිටියෙ.. ?? "
" Nj : ම්ම්ම් නෑ පැටියො.. කියන්නකො.. "
නම්ජූන් ජන්ග්කුක්ගේ සිත නොරිද්දා එලෙස පවසමින් අසලම තිබුණ යකඩ අත්වැටට බර දුන්නේ දිගු වේලාවක් ජන්ග්කුක් හා කතා කිරීමට සූදානම් වෙමින්..
" Nj : ඔයා ගෙදර තනියමද බබා.. ?? "
" Jk : අදත් පපා ඔෆිස් ගියා.. ඉතින් ජිමිනි
මෙහෙ ආවා.. "" Nj : ඕහ්හ්.. "
නම්ජූන්ට ජන්ග්කුක් ගැන දුක සිතුනත් ඔහුට පැවසීමට දෙයක් සිතාගත නොහැකි වුනා..
" Jk : ඩැඩා මම ඊයෙ ශොපින් ගියානෙ.. "
" Nj : අහ් ඔව්.. මට කියන්න බැරි උනානෙ
පැටියො.. මම ඔයාවයි ඔයාගෙ පපාවයි
රෙස්ටුරන්ට් එකේදි දැක්කා.. "" Jk : ආ ඇත්තද.. ?? ඇයි ඩැඩා මට
කතා නොකලෙ.. ?? "ජන්ග්කුක් ඇසුවේ පුදුමයෙන්..
" Nj : මේකනෙ බබා.. ඔයා හිටියෙ මට ටිකක් දුරින්..
අනික මම ඔතනට ආවනම් ඔයා පපාවත් දාලා
මාත් එක්ක එන්න හදනවනෙ.. නේද.. ?? "
YOU ARE READING
Inevitable Destiny....
Fanfiction"Even though time has passed, there were love stories that didn't change a bit.." " Time solves everything according to destiny.." Inevitable Destiny... ( Unchanged after many years )