Part 05...

226 42 7
                                    

Hs : මිස්ට සොක්ජින්..

සොක්ජින් හැරී බැලුවේ මදක් පුරුදු කටහඬක් ඔහුගේ පිටුපසින් ඇසුන නිසා..

Jn : ඔහ් මිස්ට ජන්ග්..

කාරයක් අසලට වී ඔහුට අත වනනා හෝසක් දෙසට සොක්ජින් ඇවිද ගියා..

Hs : සොක්ජින් යන්නෙ ගෙදරනම් මට පුලුවන් ඔයාට ලිෆ්ට් එකක් දෙන්න..

Jn : ම්ම්ම් මිස්ට හෝසක් කරදර වෙන්න ඕන නෑ.. මට පුලුවන් බ - - -

සොක්ජින් පවසන විට හෝසක් සුන්දර සිනහවකින් මුව සරසගත්තා..

Hs : අයිගෝ.. මට ඔයාව ගිහින් දාන එක කරදරයක් නෙවෙයි සොක්ජින්.. අනික මම යන්නෙත් ඒ පැත්තෙන් තමා..

හෝසක් සොක්ජින් වෙනුවෙන් කාරයේ දොර විවර කරමින් පවසන විට ඔහු සිනහවකින් මුව සරසගත්තා..

Jn : හොඳයි එහෙනම්..













Hs : අද වුන දේ ගැන ඇත්තටම මට ලැජ්ජයි මිස්ටර් සොක්ජින්..

Jn : ඒක මිස්ට හෝසක්ගෙ වැරැද්දක් නෙවෙයිනෙ.. අනික මිස්ටර් ජන්ග් කැමතිනම් මට ජින් කියලා කතා කරන්න..

Hs : ඔව් ඒක හොඳයි.. මට හෝසක් කියන්න..

හෝසක් පවසන විට සොක්ජින් පුදුම උනා..

Jn : ඒත් මිස්ටර් ජන්ග් මගෙ බොස්නෙ..

Hs : ආහ්හ් ඔෆිස් එකෙන් පිට ඔය දේවල් ඕන නෑ ජින්..

සුන්දර සිනහවකින් මුව සරසාගත් හෝසක් පැවසුවා..

Jn : හොඳයි.. හෝසක්ගෙ කැමැත්තනෙ..

Hs : ඇත්තටම මට ඔෆිස් එක ඇතුලෙ හොඳ යාලුවෙක් නෑ.. මට විශ්වාසයි මං එයාලත් එක්ක හොඳින් කතා කලොත් එයාලා අනිවාර්යයෙන්ම වැඩ මගාරින්න උත්සාහ කරනවා.. ඒත් මම දන්න තරමින් ජින් හුඟක් වගකීමෙන් වැඩ කරන කෙනෙක්.. ඔයා ගැන මාත් එක්ක ඔයාලගෙ හෙඩ් සර් උනත් ගොඩක් හොඳ කියනවා..

හෝසක් පවසන විට සොක්ජින් පුදුමයෙන් සියල්ල අසා සිටියා.. හෝසක් මීට පෙර සිටම ඔහු ගැන දන්නා බව සොක්ජින්ට වැටහුනා..

Hs : ඉතින් අපිට පුලුවන්ද යාලුවො වෙන්න.. ??

Jn : ඔව් අනිවාර්යයෙන්ම..

Inevitable Destiny....Where stories live. Discover now