Part 21...

175 21 42
                                    

Jk : අපි බලන මූවි එක මොකක්ද ඩැඩා.. ??

Nj : මගෙ බබාට මොකක්ද බලන්න ඕන.. ??

Jk : හොටෙල් ට්‍රැන්සල්වේනියා..

Nj : ඔහ් ශුවර්.. අපි එහෙනම් ඒක බලමු..

රූපවාහිනියේ ජන්ග්කුක් පැවසූ කාටූනය දැමූ නම්ජූන් කාමරයේ විදුලි බල්බ නිවා ඇඳට ගොඩවුනා..

Jk : ඩැඩා..

Nj : ම්ම්ම්..

Jk : මට පුලුවන්ද ඩැඩාව හග් කරන්න.. ??

ජන්ග්කුක් අසනවිට මද සිනහවක් නැගූ නම්ජූන් ඔහුව තම තුරුලට ගත්තා.. හැකි ආකාරයට නම්ජූන්ගේ සිරුර වටා තම කුඩා දෑත් පැටලවූ ජන්ග්කුක් ඔහුගේ පපුව මතින් හිස තබාගෙන රූපවාහිනියට නෙත් යොමු කලා..

Jk : බලන්න ඩැඩා.. ඒ වැම්පයර් ගර්ල්ටත් ඉන්නෙ එක ඩැඩා කෙනෙක් විතරයි.. එයත් මං වගේ..

ජන්ග්කුක් පැවසූ දේ නිසා අහේතුවකට මෙන් නම්ජූන්ගේ හදවත දුකින් වෙලුනා..

Nj : නෑ කූ බබා.. ඔයාට ඩැඩා පපා දෙන්නම ඉන්නවා..

ජන්ග්කුක්ව මදක් ඔසවා තවත් තදින් තුරුලු කරගත් නම්ජූන් වරින් වර ඔහුගේ හිස සිඹිමින් එලෙස පැවසුවා..

Jk : ඔහ් ඔව්.. එහෙනම් එයා මං වගේ නෙවෙයි..

Nj : ඔව්.. එයා වෙනස්..

තවත් මොහොතක් නිශ්ශබ්දව ගෙවුන තැන ජන්ග්කුක් නැවත හඬ අවදි කලා..

Jk : ඩැඩා..

Nj : ම්ම්ම්.. ??

Jk : ඒ ගර්ල්ටත් තව ඩැඩා කෙනෙක් ඇති..

ජන්ග්කුක් පැවසූවේ රූපවාහිනියට ඇඟිල්ලක් දිගු කරමින්..

Nj : නෑ බබා.. එයාට හිටියෙ මමා කෙනෙක්..

Jk : ඔහ්.. ඩැඩා එහෙනම් ඇත්ත කියලා තියෙන්නෙ.. එයා මම වගේ නෙවෙයි..

Nj : ම්ම්ම් ඒකනෙ..











































පුරා පැය තුනකට ආසන්න කාලයකට පසුව නම්ජූන් රූපවාහිනිය ක්‍රියා විරහිත කර නිදිමතේ සිටින ජන්ග්කුක්ව පොරෝනාවෙන් ආවරණය කලා..

Inevitable Destiny....Where stories live. Discover now