Part 03...

247 29 9
                                    

Jm : අද මිස්ට කිම් පරක්කුයි නේද.. ??

ජන්ග්කුක් සහ ජිමින් පන්ති කාමරයට පැමින බොහෝ වේලාවක් ගත වූවත් නම්ජූන් තවමත් පැමින තිබුනේ නෑ..

Jk : හ්ම්ම්.. ඒක තමයි..

Jm : බැරි වෙලාවත් එයා අද එන්නෙ නැද්ද දන්නෙ නෑ..

ජිමින් පවසන විට ජන්ග්කුක්ගේ මුහුන මැලවුනා..

Jk : අපි බලමුකො.. තව ව් - - -

? : ඒයි.. ඔතනින් නැගිටලා ඔය පුටු දෙක අපිට දෙනවා..

ජන්ග්කුක් පැවසීමට ගිය දෙය නතර වුනේ එතනට පැමිනි සිසුන් කිහිපදෙනෙකු නිසායි..

Jk : අපි කලින් මෙතනට ආවේ.. ඒ නිසා ඔයාලා වෙන තැනකට යන්න මාක්..

ජන්ග්කුක් පවසන විට මාක්ගේ දෑස් කෝපයෙන් බැබලෙන්න ගත්තා..

Mark : හහ්හ්.. කියන දේ අහලා ඔය පුටු දෙක අපිට දීලා පිටිපස්සෙන් වාඩි වෙනවා..

Jm : අපි යමු කුකී..

Jk : බෑ.. අපි දෙන්නා තමයි කලින් මෙතනට ආවේ ජිමින්.. මෙයාලා පස්සෙ ඇවිත් අපේ තැන ඉල්ලන එක වැරදී..

ප්‍රශ්නයක් ඇති කිරීමට අවශ්‍ය නැති නිසා ජිමින් පැවසුවත් ජන්ග්කුක් කෝපයෙක් කෑගැසුවා..

Mark : යාලුවා වගේ මොලේ පාවිච්චි කරලා ඔය තැන අපිට දෙනවා..

Jm : අහන්න කුකී.. එයාලා කවදාවත් ඉස්සරහින් වාඩිවෙන අය නෙවෙයි.. අද මෙතන ඉල්ලන්නෙ මොකක් හරි රන්ඩුවක් අදින්න.. ඒ නිසා අපි යමු..

ජිමින් රහසින් ජන්ග්කුක් හට පැවසුවත් ඔහු එයට විරුද්ධ වුනා..

Jk : බෑ.. මේ තැන අපේ..

Mark : හහ්හ්.. තමුසෙ මෙච්චර ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්නෙ මිස්ට කිම්ගෙන් ලකුනු ගන්නද.. ??

Jk : මට ඕන හොඳට ඉගෙනගන්න..

ජන්ග්කුක් පැවසුවේ තරහින්.. මාක් සහ ඔහුගේ මිතුරන් එම කතාවට හඬ නගා සිනාසෙන්නට වුනා..

Mark : ඔයා වගේ කෙනෙක් මොකටද ඉගෙනගන්නෙ ජන්ග්කුක්.. ??

මාක් ඇසුවේ සමච්චල් සහගත කටහඬකිනි..

Inevitable Destiny....Where stories live. Discover now