Nj : ජන්ග්කුක්.. ඔයයි ජිමිනුයි කොහොමද ගෙදර යන්නෙ.. ??
නම්ජූන් ඇසුවේ පොත් බෑගය සකස් කරගන්නා ජන්ග්කුක්ගෙන්..
Jk : පපා කිව්වා ක්ලාස් එක ඉවර වෙලා ජිමිනිටයි මටයි ටැක්සි එකක එන්න කියලා..
Nj : ඔය දෙන්නා විතරක්.. ?? ටැක්සි එකක.. ??
Jk : ඔව්.. අපි දෙන්නා දැන් ලොකුයි..
ජන්ග්කුක් පැවසුවේ ආඩම්බරයෙන්.. මද වේලාවක් කල්පනා කල නම්ජූන් ජන්ග්කුක් දෙස බලා හඬ අවදි කලා..
Nj : මොකද කියන්නෙ.. ?? මම ඔය දෙන්නව ගෙවල් වලට ගිහින් දාන්නද.. ??
Jk : ඇත්තටමද ඩැඩා.. ??
ජන්ග්කුක් ඔහුගේ දෑස් විසල් කරගෙන අසනවිට නම්ජූන් හිස වැනුවා..
Jk : ජිමිනී.. අපි ඩැඩා එක්ක යමුද.. ??
ජන්ග්කුක් සතුටින් කෑ ගසා අසන විට ජිමින්ද කැමැත්ත ප්‍රකාශ කලා.. ජන්ග්කුක්ට කුලී රථයක තනිවම යාමට ආසාවක් තිබුනත් නම්ජූන් සමග යාමට ඇති ඔහුගේ ආසාව ඊට වඩා වැඩි වුනා..
Jk : අපි යමු ඩැඩා..
Nj : යමු..
ජන්ග්කුක් ජිමින්ගේ සහ තමාගේ අතින් අල්ලාගත් පසු නම්ජූන් පුස්තකාලයෙන් පිටතට පැමින තමාගේ වාහනය වෙතට ගියා..
Jk : ඩැඩා..
Nj : ම්ම්ම්.. ??
Jk : ටේටේ හියුන්ග්ටත් පුලුවන්ලු ඩ්‍රයිව් කරන්න.. මටත් ඕනි ඉගෙනගන්න..
Nj : ඔයා තාම පොඩීනෙ.. ලොකු උනාම කියලා දෙන්නම්..
ජන්ග්කුක්ට නම්ජූන් වාහනය පදවමින්ම එසේ පැවසුවා.. සතුටින් හිස වැනූ ජන්ග්කුක් ජිමින් හා කතාවට වැටුනා..
Jk : අරක ජිමිනිගෙ ගෙදර..
මිනිත්තු කිහිපයකට පසු ජන්ග්කුක් පෙන්වූ නිවස ඉදිරියෙන් නම්ජූන් වාහනය නැවැත්තුවා..
Jm : හෙට හම්බවෙමු ජන්ග්කුකී.. තෑන්ක්ස් මිස්ට කිම්..
YOU ARE READING
Inevitable Destiny....
Fanfiction"Even though time has passed, there were love stories that didn't change a bit.." " Time solves everything according to destiny.." Inevitable Destiny... ( Unchanged after many years )