Part 13...

200 31 17
                                    

Jn : කුකී.. කෝ ලෑස්තිද.. ??

සොක්ජින් එසේ අසමින්ම ජන්ග්කුක්ගේ කාමරයට පැමිණියා..

Jk : ලෑස්තියි පපා.. අංකල් බොස් ආවද.. ??

Jn : ඔව්.. එයා ඇවිත් දැන් විනාඩි පහක් විතර වෙනවා.. යමු පහලට..

හිස වැනූ ජන්ග්කුක් සොක්ජින් සමග විසිත්ත කාමරයට ඇදුනා..

Hs : වෝහ්හ්.. ජින් බලන්නකො ජන්ග්කුක්ගෙ ලස්සන..

Jk : ත්-තෑන්ක්ස්..

හෝසක් පවසනවිට ජන්ග්කුක් එසේ මුමුනා ඔහුගේ ලැජ්ජාවෙන් රතු වුන කම්මුල් සැඟවීමට මෙන් බිම බලාගත්තා..

Hs : ජින්.. ඔයත් රෙඩි නම් අපි යමුද.. ??

Jn : ඔයාලා වාහනේට යන්නකො.. මම දොර ලොක් කරලා එන්නම්..

සොක්ජින්ට එකඟ වුන හෝසක් ජන්ග්කුක්ගේ අතින් අල්ලාගෙන ඔහුගේ කාරය වෙත ඇදුනා..

Jk : අංකල් බොස්..

Hs : ඔව් පැටියෝ..

Jk : අංකල් බොස්ගෙ ඇත්ත නම මොකක්ද.. ?? මම මොකක් කියලද ඔයාට කතා කරන්න ඕන.. ??

ජන්ග්කුක් අසනවිට හෝසක් ඔහුගේ සුපුරුදු ප්‍රියමනාප සිනහවෙන් මුව හැඩ කරගත්තා..

Hs : මම ජන්ග් හෝසක්.. එතකොට ඔයාට පුලුවන් මට කැමති නමකින් කතා කරන්න..

Jk : ම්ම්ම්.. හෝසු අංකල් කියන්නද.. ??

Hs : හරි.. මමනමට කැමතියි..

හෝසක් සතුටින් පවසනවිට ජන්ග්කුක් සුරතල් ලෙස සිනාසුනා.. මොහොතකට පසු පැමිනි සොක්ජින් වාහනයට නැග අසුන්ගත්තා..

Jk : පපා දන්නවද.. ?? හෝසු අංකල් දැන් මගේ යාලුවෙක්..

Hs : යාලුවෙක්.. ??

ජන්ග්කුක් පවසනවිට හෝසක් ඇසුවේ පුදුමයෙන්..

Jk : ඔව්.. මම කැමති ඔක්කොම මගේ යාලුවො.. ඉතින් මම හෝසු අංකල්ටත් කැමතීනෙ.. ේඑක නිසා දැන් අපි යාලුවො..

Jn : ඒ කුකීගෙ හැටි හෝසක්..

Hs : ඒකට කමක් නෑ ජින්.. ජන්ග්කුක් හුඟක් හුරතල්..

Inevitable Destiny....Where stories live. Discover now