01.

2.6K 272 90
                                    

"ජනා... මෙහෙ වරෙන් කොල්ලො ඩිංගක්!"

බෝක්කුව උඩට වෙලා සිගරට් එකක් බිබී හිටපු මම ගුණේ මාමාගෙ කටහඩට බෝක්කුවෙන් බිමට පැනලා සිගරට් එකත් බිමට දාලා පාගලා කඩේ දිහාට ඇවිදගන ගියා..

"කියන්ඩෝ.."

කඩේ ඉස්සරහ තිබ්බ බංකුවේ වාඩි උන මං ගාවට ආව ගුණේ මාමා එළවළු රාක්කෙට හේත්තු උනා..

"මං මේ උබට වැඩක් පංගනාත්තු කරන්නයි කතා කලේ"

"වැඩක්? ඒ මොකද්ද මාමෙ?"

"උබ දන්නවනෙ බං අර පොල් වත්තේ බංගලාව?"

"මොකෝ මං නොදන්නෙ අර අක්කර දහයක විතර විසාල පොල් වත්ත එක්ක තියන බංගලාවනෙ? අරලිය උයන ලේන් එකේ තියෙන්නෙ?"

ගුණේ මාමත් මාර කතා තමා අහන්නෙ. ඔය බංගසාල බංගලාව ගැන නොදන්න එකෙක් ඉන්නවයැ. ඇරත් මේ ත්‍රීවිල් කාරයෙක් වෙච්ච් මම නොදැන ඉන්නෙ කොහොමද. හැබැයි දන්න දා ඉදන් ඕක වහල තියන්නේ..

"ආං හරි කොලුවෝ. ඒක තමා"

ගුණේ මාමා එහෙම කියල ලීටර් පහක විතර බුලත් කෙල පාරක් ගැහුවා කඩේ ඉස්සරහටම.

"ඉතින් මොකද්ද සීන් එක?"

මං මගේ පැටික්කි දිහා බලල ආයෙම ගුණේ මාමා දිහා බැලුවා..

"සීන් එකක් නෑ බන්. බංගලාවෙ පදිංචියට රට හිටපු උදවිය ආපහු ඇවිත්. උන්දැලා ගෙදර උයන පිහන වැඩ කරන්නෙ විමලා නංගිනෙ. ඒකි මට ඇවිදින් කිව්වා ඒ ගෙදර පොඩි මහත්තයා එහෙ මෙහෙ යන්ඩ ස්තීර වාහනයක් හොයනවයි කියල. උබ දන්නවනෙ අර පයිලට් මහත්තයා. ඒකත් හොයන්නෙ ඩ්‍රයිවර් එක්කම ත්‍රීවිල් එකක්ලු"

ගුණේ මාමා කිව්වාම මම ටිකක් කල්පනා කලා.. ලොකු නිච්චියක් නම් නෑ..

"හරි කියන්ඩකෝ ඉතින්"

"ඉතින් බන් උබට බැයිද හයර් එක ගන්ඩ. හැමදාම හයර් එකක් වැදෙනව කියන්නෙ උබට කීයක් හරි හොයාගන්ඩ පුලුවන් නෙ බන්"

"මොකද මට බැරි.. මට පුලුවන්.. ඒත් මාමේ ඔච්චර සල්ලිකාරයො නම් උන්ට වාහන නැද්ද?"

මං ඇහුවේ සර්ව සාධාරණ ප්‍රශ්නයක්.. ඇයි බන් රට ඉදන් ඇවිත් ආටා වල යන්නෙ ඇරත් පයිලට් කෙනෙක්..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now