21

1.4K 267 92
                                    

"ආ ඊලඟ එක කරන්න දැන්.. මොකද්ද තියෙන්නේ.. වචන වැලක් සාදන්න"

මම හිටියෙ හිච්චාගෙ සිංහල වැඩ පොතක් පෙරලඟන ඌට පාඩම් කියල දෙන ගමන්.. පස් වෙනි කොටසට කරන්න තිබ්බ එක කියවද්දි එකපාරටම මගෙ ඇස් ඉස්සරහ ළඟදි බලපු බඩසම වැලක් ප්ලේ වෙලා ආයෙ නැතිවෙලා ගියා..

හැබැයි විලි ලැජ්ජ නැති වැඩේ කියන්නෙ ඒකෙ හිටියෙ තුහින අයියා.. එයා කටේ බෝලෙකුත් ඔබාගන ඇදේ හතර කොනට අතපය හතර ගැටගහල මගෙ දිහා ඇස් ලොකු කරගන බලාගන ඉන්නවා.. ඒක මැවුන විදියට මගෙ ඔලුවත් හිරිවැටිලා ගියා.. එව්ව් නෙදකින් යකෝ මමනං!

මම ඔලුවත් දෙපැත්තට ගසලා හිච්චා අකුරු වැල ලියන දිහා බලන් හිටියා. මේවා හදන උන්ටත් වෙන නම් නැද්ද මන්දා මේවට දාන්න..

හිච්චායි මායි හිටියෙ ඉස්තෝප්පුවේ.. අම්මා ගෙදර නෑ වැඩට ගිහින්.. තුහින අයියත් මට අද කොහෙවත් යන්න කතා නොකල නිසා ටිකක් දවල් වෙලා හන්දියට යනව කියල හිතාගන මම හිච්චාව අල්ලගත්තා පාඩම් වැඩක් කරවන්න. නැත්තම් මුගෙ වැඩේ පංති නැති හැම වෙලේම බඩිල්ලාව අල්ලගන නටන එක.. බඩිල්ලාටත් පීකුදු ටිකක් එක්ක බත් ටිකක් අනලා දාපු නිසා ඒකාත් පස්ස උඩ දාගන ඒක කනව..

ගේට් එක ළඟින් ත්‍රීවිල් එකක් නවත්තනව දැක්ක නිසා මායි හිච්චායි දෙන්නම ඒ දිහා බැලුවා..

"අලේ උකු අයියා.."

හිච්චා පොතත් බිමට අතෑරල පණ කඩාගන ගේට්ටුව ලගට දුවගන යද්දි මගෙ කට බාගෙට ඇරුනා.. ඊලඟ තප්පරේම මම ගෙට දිව්වෙ ෆෝන් එක අතට ගන්න. මේ මිනිහා කෝල් කරල මට ඇහිලා නැතුවවත්ද.. කව්ද දන්නෙ මලපැනලා හොයාගනම ඇවිත් හොම්බට ඇනලා යන්න ඇවිත්ද දන්නෑනෙ.. එහෙමට මිනිහා ඔය!

ෆෝන් එකේ මිස්කෝල් මොකුත් නැති නිසා මගේ ඇගේ වතුර වෙච්ච ලේ ටික ආයෙ යථා තත්වෙට හරෝගන මම මිදුලට ආවා..
ඒ එද්දිත් හිච්චා තුහින අයියාගෙ කකුල බදාගන මදිවට කකුල උඩ ඉදගන.. තුහින අයියත් හිනාවෙවී හිච්චාවත් ඇදගන ඉස්තෝප්පුවට ආවා..

"හිච්චෝ.. මොකද ඔය!"

"ඇයි මොකත?"

"මොකද අහන්නෙ ආව මනුස්සයට ගෙටවත් එන්න නොදී කකුලෙ එල්ලිලා ඉන්නෙ"

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now