ඕයි මේ මේක ඇතිවෙයිද බන්? යකෝ මගෙ මහපට ඇගිල්ලවත් දාන්න බෑනෙ මේකාස්සට"
"තොගෙ මහපට ඇගිල්ල දාන්න බැරි උනාට පොඩි එවුන්ගෙ කකුල් වලට ඔය ගාන හරි. ඕවා හදන්නෙ පොඩි උන්ගෙ කකුල් සයිස් එකට මිසක් තොට ඇඟිලි ගගහ ඉන්න නෙවෙයිනෙ"
"මෙච්චර පොඩිද බන්? අනෙ අම්මේ මේ බලහන්කො මේකෙ පොඩි"
සහන් මගෙ දිහාට ඌ අල්ල උඩ තියාගන හිටිය වූල් වලින් ගොතපු හිච්චං සපත්තු ජෝඩුව දික් කලා.. ඇත්ත තමයි මේවා නිකන් මී පැටවුන්ට අන්දන්න තරම් වත් නෑ ඒ තරම් පොඩි. මට හිච්චාව යන්තම් මතක නිසා ඕවා ගානක් නැති උනාට පොඩි උන් ගැන මෙලෝ මලදානයක් නොදන්න සහනයාට හරි පුදුමයි..
"අඩෝ ජනා සිරාවටම දැන් හම්බෙන පොඩි එකා මේ සයිස් ද බන්? මෙච්චර පොඩි ද?"
මූ ආයෙම මගුලක් අහනවා..
"ඔව් බල්ලො ඔව්! හම්බෙද්දි පොඩියි තමයි. එන එකා සීවලී හාමුදුරුවෝ නෙවේනෙ ඉතින් පොඩියි තමයි!"
මං එහෙම කිව්වාම මූ ආයෙත් කට හදාගත්තා.. ම්ම් තව ගොන් ප්‍රශ්නයක් අහන්න හදන්නෙ..
"ඒ මොකද්ද බන් සීවලී හාමුදුරුවන්ගෙ සීන් එක?"
"ඇයි උබ දන්නැද්ද ?"
"ම්හ්ම්..නෑනෙ"
"සීවලී හාමුදුරුවෝ මොකද්ද ආත්මෙක කරපු පවක් නිසා අම්මගෙ බඩේ අවුරුදු හතක් ඉදලලු එලියට ඇවිත් තියෙන්නෙ"
"කිරි අප්පට බල්ලො පැනපි යකෝ ගෙයි ඉස්සරහ සීවලී පින්තූරයක් එල්ලල තිබ්බට මං අදයි යකෝ ඕකක් දන්නෙ"
"තෝ ඉතින් නිඝන්ටයෙක්නෙ. තෝ කොහෙද ඕවා දන්නෙ. මෙන්න මෙහෙ වරෙන් යන්න ආව වැඩේ කරන්න"
මං සහනයාවත් ඇදගන කඩේ ඇතුලට ගියා.. අපි මේ ඉන්නෙ පොඩි බබාලගෙ ඇදුම් කඩේක. කාව්‍යාගෙ එන්න ඉන්න බබාට අඩුම කුඩුම ටිකක් ගන්න පියසීලි නැන්දා සහනයාව එවලා. මූ ගැන දන්න නිසාම මටත් පුලුවන් නම් ඌ එක්ක යන්න කිව්වා. ඉතින් මං ආවා. අද පොඩි මහ-- තුහින අයියාත් තාම කොහෙවත් යන්න කතා කලෙත් නැති නිසා අපි නිදහසේ ඇදුම් තෝරනවා.. බඩට තාම මාස තුන උනාට පුලු පුලුවන් වෙලේට ටික ටික ගන්න ඕන මොකද අපි හැමවෙලේම අතේ සල්ලි තියන මිනිස්සු නෙවේනෙ..
ΔΙΑΒΑΖΕΙΣ
ඇහි පිල්ලම් යට (TaeKook)
Fanfictionඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.