05.

1.2K 244 48
                                    

පිටිපස්සෙ හිටිය එකා ඤොක්ක වෙලා ගියා කියල මට දැනුනත් ඌට බම්බු ගහගන්න කියල මම වැස්සෙම දඩිබිඩි ගාලා පැටික්කිගෙන් බැහැලා ඉස්සරහ රෝදෙ ලඟට පහත් උනේ මොකුත් වෙන්නෙපා වෙන්නෙපා කියල හිතෙන් හිත හිත..

දෙයියන්ට ස්තූතිවෙන්න ඒ අහිංසකයා රෝදෙ ළඟ බයටම ගුලිවෙලා වෙව්ල වෙව්ල බලන් හිටියෙ මම අත් දෙකටම ඒකාව වඩාගන නැගිටිද්දි..

"තමුසෙට පිස්සුද! ඔහොමද අයිසේ වාහන එලවන්නෙ!!"

ඒ එක්කම කන ගාව චීන පටස් එකක් පිපුරුවා වගේ ජයන්තයගෙ ගෝරනාඩුව ඇහෙනවත් එක්කම මිනිහා මාව කොලර් එකෙන් ඇදල අරගෙන එයාගෙ පැත්ත හැරෙව්වා.

එයා කේන්තියෙන් පුපුරු ගහන ඇස් වලින් මගේ දිහා බලන් ඉද්දි ඒ දිග ඇහි පිහාටු වලින් වතුර බිංදු බිංදු පහලට වැටෙන ගමන් තිබුනා. වැස්ස කොයිතරම් තදේට වැටුනද කිව්වොත් එලියට බැහැලා විනාඩියක් වත් ගෙවුනෙ නැතත් ජයන්තයාගෙ මුලු ඇගම තෙත බරිත වෙලා තිබ්බා

කොලර් එකෙන් ඇදල අරගත්තේ ආයෙම මගෙ හොම්බට අනින්න හිතාගනද කොහෙද! ගැහුවොත් නම් අම්මපා මාත් ගහනවා පුතේ අදනම්!

ජයන්තයා දත්මිටි කන ගමන් මා දිහා රවන් බලන් හිටියට මගේ අත් අස්සෙ ගුලිවෙලා හිටිය චූටි බලු පැටියා දැක්ක ගමන් ඒ ඇස් මං බලන් ඉද්දි වෙනස් උනා.

සීතලයි බයයි එකට එක්කහු වෙලා ඕසියට ගැහෙන ගමන් හිටිය චූටි පැටියා නොතෙමෙන්න මං අත් අස්සෙ ගුලි කරන් ඉද්දි ඒකා මගේ අත් අස්සෙන් ඒ චූටි හොම්බ එලියට දාලා ජයන්ත බොසා දිහා බැලුවේ එයත් ඇස් ලොකු කරගන බලු පැටියා දිහා බලන් ඉද්දි..

"මේ බඩිල්ලා එකපාට්ට පාරට පැන්නා.. තව ඩිංගෙන් යට වෙනවා.."

මං එහෙම කියලා බලු පැටියාව ශර්ට් එකට උන්ඩි කරගද්දි ජයන්තයා මගේ මූන දිහා බැලුවේ ඒ එක්කම පිටිපස්සෙන් දඩ හෝර්න් පාරක් වදිද්දි..

"මල්ලේ! මහ පාරෙ ලව් කරනවද! ඔන්න ඕක ගනින් බන්"

පිටිපස්සෙන් ආව ත්‍රීවිල් අයියා කෑගහද්දි ජයන්තයා ඌ දිහා දවා අලු කරන බැල්මක් දාලා මොනාහරි කියන්න කට අරින්න හදනවත් එක්කම මං බඩිල්ලාව ජයන්තයාගෙ ඇගේ ගැහුවා..

ඇහි පිල්ලම් යට (TaeKook)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें