08.

1.2K 252 54
                                    

මං හිටියේ බංගලාවේ ගේට්ටුව ඉස්සරහ.. ඊයේ පොඩි මහත්තයා මට රුපියල් විසිපන්දාහක්ම දීලා තිබුනා.. හරියටම එයා පොරොන්දු උන ගානෙන් බාගයක්.. ඇස් වලට ඉනුව කදුලු පිටින්ම මම සල්ලි ටික ගනිද්දි උනේ මගේ ඇස් තව ටිකක් බොදවුන එක..

ඒ තරම් ලොකු ගානක් මටම කියල ලැබුන පලවෙනි පාර.. අවුරුදු දහනවයට මට ඒක රටක් රාජ්‍යක් ලැබුණා වගේ දැනුනා.. හිච්චාට කන්න පොඩි මහත්තයා කිව්වා වගේම එක එක ජාතියෙ බඩු ගොඩක් එක්ක ගෙදට්ටත් බඩු ගොඩකුත් අරගන මම අම්මගෙ අතෙනුත් රුපියල් පන්දාහක් තිබ්බා ලයිට් බිල ගෙවන්න කියල.. අම්මා මගෙ මූණ දිහා බලාගන ඉදලා මගෙ කම්මුලකුත් අතගාලයි ඒ සල්ලි ගත්තේ..

මොනා කිව්වත් අම්මා දන්නවා මම ඉගනගැනිල්ල අතෑරියේ ඇයි කියන්න.. අම්මාට දුක තිබ්බත් ඉස්සර තරම් ඉගනගනින් මොනාහරි කරපන් කියල වද නොදෙන්නෙ ඒ නිසා වෙන්නැති.. තව රුපියල් දහදාහක් මගේ අතේ පරිස්සමට තියනවා.. ඒක අරපිරිමැස්මෙන් වියදම් කරනවා කියල මම මටම පොරොන්දු දීගනයි මේ ඉන්නෙ..

මේ ජයන්ත.... නෑ නෑ පොඩි මහත්තයා නිසා හුග දවසකින් සිගරට් එකක් බොන්නත් බැරිවුනා.. මේ යකාගෙ කැටයමේ හැටියට සිගරට් ගදක් ඇවිල්ලා මොකක් හරි අඩව්වක් අල්ලයි කියන බයටම මම සිගරට් බිව්වෙ නෑ මේ වැඩේ පටන් ගත්තත් හරි.. හැබැයි ඒකෙන් ඒ සල්ලිත් ඉතුරුයි.. නොදැනිම සිගරට් එකක් බොන්න හැමවෙලේම එන උවමනාව මගෙන් ගිලිහිලා ගිහින් තිබ්බා..

අටට එන්න කිව්ව එක උද්‍යෝගෙයි ස්තූතිවන්ත හැඟීමයි නිසාම මම අටට කාලක් තියලම ආවා.. මේ දවස් වල උදේට මීදුම වගෙ.. හීනියට සීතලකුත් යනවා.. මම අත් දෙක මැද මැද පිබින ගමන් පොඩි මහත්තයා එනකල් බලන් හිටියා.. මේ පොඩි සීතලට මගෙ ඇගේ හිරිගඩු පිපිලා.. නුවර එළියෙ බුවෙක් එහෙම දැක්කානම් පුකෙන් හිනාවෙයි..

කොහොමහරි පුරුදු විදියට හරියටම අට වෙද්දි මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..

MG Jayantha calling

මේ නම වෙනස් කරන්න ඕනෙ..

"හෙ-"

"තමුන් ඇවිත්ද ඉන්නෙ?"

"ඔව් පොඩි මහ-"

Beep beep beep

ඇහි පිල්ලම් යට (TaeKook)Donde viven las historias. Descúbrelo ahora