23.

1.6K 286 87
                                    

මේක හරි මගුලක්නේ.. යකෝ මිරිස් කුඩු ටිකක් වැඩියෙන් දාලා හොද්දක් හදල දුන්නයි කියල ඕක මහ දෙයක්ද ඔච්චර පලි ගහන්න!!

මම හිටියෙ හන්දියෙ ත්‍රීවිල් පාර්ක් එකේ.. දැන් දවස් දෙකක් වෙනවා තුහින අයියා මට හයර් එකක් යන්න කතා නොකර.. හිතට මාරම අවුලක් වගේම කොනක පොඩි කේන්තියකුත් තියනවා.. උටත් තියෙන්නෙ මහ අමන දුශ්ටකමක්..!

පැටික්කිට හේත්තුවක් දාගත්ත මම සිගරට් එක තොල් වලට තියල හොද හුස්මක් ඇදලා ගත්තා. කොච්චර අතාරිනවා කියල හිතුනත් එක පාරක් ආයෙ පාවිච්චි කලාම නිකන්ම දෙක තුනක් අදින්න හිතෙනවා.. මට විතරක් නෙවෙයි කොල්ලො කාටත් එහෙමයි..

සිගරට් එක කටේ ගහගන මම ඔහේ වටපිට බල බල හිටියා.. හන්දියට ආවේ හයර් එකක් සෙට් කරගන්නම බලන් නොවුන නිසා මට ඒ ගැන උනන්දුවක් තිබ්බෙත් නෑ.. ගෙදර ඉන්නකොට අල මූල්ලග්ගිනි කාරයව මතක් වෙනව වැඩි නිසා හන්දියට ආවට මොකද මෙතන්ට ඇවිල්ලත් මගෙ හිත තිබ්බෙ ඌ ගාව..  සිගරට් එකේ අන්තිම උගුරත් ඇදල අරන් ඒක බිම දාලා පාගපු මම හැක්ස් ටොෆි එකකුත් කටේ දාගන ඉස්සරහ හැරුනා..

ඒ එක්කම මම දැකපු දේ ඇත්තටම ඇත්තක්ද කියල හිතාගන්න බැරුව මම ආයෙම ඇස් පිහිදල බැලුවෙ පාරෙන් එහා පැත්තෙ තිබ්බ ආර්පිකෝ එක දිහා.. එතන හිටියෙ තුහින අයියා.. ත්‍රීවිල් එකකින් බැහැලා ආර්පිකො එක ඇතුලට යන තුහින අයියා දිහා මම බලාගන හිටියෙ හිතාගන්න බැරි බැල්මකින්..

එයා වෙන කෙනෙක්ව වැඩට අරන්!!

හිතට ආවෙ ලොකු දුකක්.. මගෙ අතින් උන පොඩි වරදට මෙච්චර ලොකු දඩුවමක්! මට හිතාගන්න බැරිවුනා.. මම දන්නව මම වැරදියි.. එහෙම බැලුවොත් එයා මට කොච්චර කෙනෙහිලි කම් කරල තියනවද! මගෙ කනට ගැහුවා, බෙල්ල මිරිකුවා තව වචන වලින් කොච්චර පහර ගහල තියනවද.. ඒ මොනා උනත් මම දිගටම රස්සාවට ගියා..

එහෙම තිබිලත් මම සමාව ඉල්ලලත් තුහින අයියා මෙහෙම කරපු එක ගැන ඇත්තටම මට දැනුනෙ මාර දුකක් එක්කම ලොකු කේන්තියක්! මගෙ ඇස් වලට මටත් නොදැනිම කදුලු එද්දි හිතට ආව ආවේගෙටම මම පැටික්කි හරෝගන ආර්පිකෝ එක ලඟට ගියා..

ඇහි පිල්ලම් යට (TaeKook)Onde as histórias ganham vida. Descobre agora