14.

1.3K 250 55
                                    

"පුතේ... මෙන්න සහන් පුතා ඇවිත්"

මගේ කාමරේ සිවිලිම දිහා මම දැන් පැය කීයක් තිස්සෙ බලන් ඉන්නවද කියල මටම අදහසක් තිබ්බෙ නෑ..පෙරේදා වෙච්ච දේවල් එකින් එක සැරින් සැරේ මතක් වෙලා අන්තිමට තුහින අයියා මාව තුරුල් කරගන්න සිද්දිය මතක් වෙනවත් එක්කම පපුවෙ වේගෙන් ගැහෙන්න අරන් බඩ කැලතෙන්න ගන්න එකේ අඩුවක් තාමත් තිබ්බෙ නෑ..

බයවුන පාරටයි ගැස්සුන පාරටයි ඔලුව කැක්කුමක් ඇවිත් යන්තම් උණ ගත්තායින් තුහින අයියා ඊයෙයි අදයි දෙකේම හයර් එකක්වත් යන්න මට කතා කලෙ නෑ.. මට කොහොමද අහන්න ඊයෙ කෝල් අරන් තිබුනත් එවෙලෙ මට නින්ද ගිහින් තිබ්බ නිසා ෆෝන් එක ආන්සර් කරල තිබ්බෙ හිච්චා..

මූ මොනා කියෙව්වද දන්නෑ කෝල් හිස්ට්‍රිය බැලුවාම විනාඩි තිස් දෙකක් කතා කරලා තිබ්බා.. ඇහුවාම ඒක මගෙයි ලොකු අයියාගෙයි කතාවක් කිව්වායින් අම්මා හදලා දීලා මම බිබී හිටිය සුප් එකත් මට පිට උගුරෙ ගියා..

ලොකු අයියා!! මූ මට කතා කරන්නෙත් නිකන්ම අයියා කියල.. අරයා ලොකු අයියාලු..මුන්ගේ අප්පගෙ සහෝදරකම් ඒවා.. ඒවා මේවා ඔක්කොම පැත්තකින් තිබ්බාම පෙරේදා උන දේ එක්ක තුහින අයියගෙ හැසිරීම මට මාර ලොකු පුදුමයක් ගෙනාවා.. එයා මාව බදාගත්තා.. මම හොදටම දැක්කා මට වඩා ඒ නපුරු පාට මූණ තිබ්බෙ සුදුමැලි වෙලා.. එයා හිටියෙ මටත් වඩා බයවෙලා.. මාව කිටි කිටියෙ තුරුල් කරගන දහ වතාවක් විතර මං හොදින් ද ඇහුවා විතරක් නෙවේ ඒ හැම පාරම එයා මාව එයාට තවත් එයාගෙ පපුවට තද කරගත්තා..

ඒක හරි අමුති හැගීමක්.. එවෙලෙ මගෙ හිත තිබ්බෙ ගැස්සිලා..හොදටම බය වෙලා..ඒත් තුහින අයියාව දැක්ක ගමන්, එයාගෙ ලගට ගිය ගමන් මගෙ බය නැතිවෙලා මම පරිස්සම් කියල මට දැනුනා.. ඒ වැලදගැනීම මාව ඇදලා ගත්තා වගේ උනා.. ඒක මම හිත යටින් බලාපොරොත්තු උනා වගේ හැගීමකින් මාවම පිරිල ගිහින් මට අමුති උද්‍යෝගයක් ආවා..

ඒ දැනුන හැඟීම් ගැන වචනෙන් කියන්න මට තේරෙන්නෑ.. ඒත් ඒවා මට නුහුරුයි.. කවදාවත් දැනිල නෑ.. දැන් මේ මගෙ පපුව වේගෙන් ගැහිලා මාව අනිත් පැත්ත පෙරලෙන්න හදනව වගේ හැගීමත් මට නුහුරුයි.. ඒත් ඒ ආස්වාදෙට මම ආසයි වගේ..

ඇහි පිල්ලම් යට (TaeKook)Donde viven las historias. Descúbrelo ahora