22.

1.3K 255 44
                                    

වෙලාව පාන්දර දෙකයි හතලිස් නවයයි.. නින්ද මගේ අහලකවත් තිබ්බෙ නෑ.. තුහින අයියාගෙ මූණ මතක් වෙද්දි නිදාගන්න හිතෙන්නෙත් නෑ.. මොනවා උනත් මට කෑම එක්ක ඒවගේ සෙල්ලමක් නොකර ඉන්නයි තිබුනේ.. එයා කොහිල කාලා රසයි කිව්ව විදිය මතක් වෙද්දි පපුවෙන් අකුණක් කෙටුවා වගේ රිදිල්ලක් ඇදිලා යනවා.. තුහින අයියට කෝල් එකක්වත් දීලා සොරි කියන්න මගෙ හිත හයිය උනේ නෑ.. මගෙයි වැරැද්ද.. මං කලේ කන්න ගිය බත් පතට වැලි දැම්මා වගේ තිරිසන් වැඩක්.. තිරිසන් කියන්නත් බෑ ඊටත් අන්ත වැඩක්..

හිතට එන විකාර සිතුවිලි එක්ක මට මං ගැනම ආව කේන්තිය නිසා ඇදේ එහෙට මෙහෙට පෙරලෙන ගමන් මම හිටියේ.. මට හයියෙන් කෑගහන්න ඕන උනත් ඒක කරගන්න බෑ.. ඇයි මම එහෙම කලේ!!! ඇයි ඇයි ඇයි!! එයා කොච්චර ආසාවෙන්ද බත් කන්න ආවේ.. මම ඒක කලේ මාව තල්ලු කරපු එකට රිටර්න් එක දෙන්න උනත් මට එහෙම නොකර ඉන්න තිබුනා..

තුහින අයියා මා එක්ක ආයෙ කතා කරන එකක් නැද්ද?? එයා මාත් එක්ක තරහ වෙයිද?? මාව රස්සාවෙන් අස් කරල වෙන එකෙක්ව ගනීද!!? එහෙම උනොත් නම් ඌව මරනවා මම!! මාව දාලා ආයෙම රට යයිද!! ආ ඌ රට ගියාම මට මොකද!! ඒත් අනේ.....මොන මගුලක්ද අයියෝ!!

ඕන මගුලක් කියල හෙට උදේම තුහින අයියව හම්බෙන්න යන්න හිත හදාගත්තේ මගේම ඔලුවෙ හැදෙන විකාර සිතුවිලි තව ටිකකින් මාව පිස්සෙක් කරයි කියන බයට..

><

තුහින අයියා එක්ක එහෙ මෙහෙ යන්න ගත්තයින් පස්සෙ මුල් දවස් ටිකේ ඇරෙන්න ඊටපස්සෙ මම ඇන්දෙම දිග කලිසම්.. ඒත් අද කොහෙවත් යන්න නැති නිසා මම හුඟ කාලෙකින් අදින්න බැරි උන කොට කලිසමක් ඇදගත්තා.. 

හිච්චාවයි අම්මාවයි බස්සගන එහෙම්ම මම ආවේ හන්දියට.. හිත හදාගන එකපාරටම තුහින අයියා බලන්න යන්න හිත හදාගන්න බැරි උනා.. එයා මොනවගේ රියැක්ට් කරයිද.. මාව බැනලා එලවගනීද..

හන්දියෙ පාර්ක් එකේ තාම වැඩිය කවුරුත් නෑ .. හුඟ කාලෙකින් ආයෙම සිගරට් එකක් බොන්න හිතුනයින් මම ගුණේ මාමාගෙ කඩේට ගියා..

"ගුණේ මාමේ සිගරට් එකක්"

"ආහ් කොල්ලො.. උබව දැක්ක කල්.."

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now