36.

1.2K 286 61
                                    

"ඕයි ජනා! නැගිටහන් මේං නවාතැන්පොලට ආවා!"

සහන් ගෙ ටකරං වොයිස් එකෙන් නිදාගන හිටපු මාවයි තුහින අයියවයි දෙන්නවම උඩ ගිහින් ඇහැරුනා.. මර නින්දක් ගිහින් ඇහැරෙද්දි අපි නතර වෙන තැනටත් ඇවිත්.. මට හොටෙල් තෝරන්න කිව්වට අන්තිමට අපි නතර වෙන්න තීරණේ කලේ තුහින අයියගෙ යාළු කැලේ හිටිය එශාන් කියන අයියට අයිති රිසෝට් එකක..

අපි බණ්ඩාරවෙලට එද්දි හොදටම හවස් වෙලා තිබුනා.. මං නිදිමරගාතෙම වෑන් එකෙන් බැහැලා බෑග් දෙකකුත් උස්සගන වැනි වැනි එද්දි තුහින අයියා එයාගෙ තඩි ලගේජ් එකයි තව බැක්පැක් එකකුයි උස්සගන ඇවිත් මගෙ පිටිපස්සෙන් හිටගත්තා..

"ලස්සනයි නෙහ්.."

"ම්ම්ම්.."

තුහින අයියගෙ නිදිමත කටහඩ මගෙ කන ළඟින් ඇහෙද්දි මං ගැස්සිලා ගියා. එයා ටිකක් පහත් වෙලා මගේ උරහිසෙන් නිකට තියාගන රිසෝට් එක දිහා බලන් ඉද්දි මං මගේ කම්මුලක් තුහින අයියගෙ කම්මුලක ඇතිල්ලුවා..

රිසෝට් එක ඇත්තටම හරිම ලස්සනට තිබ්බා. හවස නිසා හතරවටේම කහපාට ලයිට් දාලා තිබ්බයින් ඒකෙ ලස්සන තවත් වැඩිවෙලා පෙනුනා. මං සීතල වැඩි කමට අත් දෙකම හුඩී එක අස්සෙ ඔබාගත්තාම තුහින අයියා එක අතක් මගේ බඩ වටේ යවලා මාව එයාගේ පපුවට හේත්තු කරගත්‍තා..

මනුල අයියා කට කපලා තාම නිදි. ඒකා නිකන් මී පැටියෙක් වගෙ චරිත් අයියගෙ අස්සෙ ගුලිවෙලා නිදාගනමයි එනකල්ම ආවේ. කන්නවත් එලිබැස්සෙ නෑ..

"මනූ.. බබා නැගිටින්න.."

චරිත් අයියා මනුල අයියවත් කිහිල්ලෙ ගහගන බෑග් දෙක තුනකුත් උස්සගන වෑන් එකෙන් එලියට ආව. පොර අපි උන්නද මලාද වත් බැලුවෙ නෑ මනුල අයියව උස්සගත්තා රිසෝට් එක ඇතුලට ගියා..

සහනයා නම් හෙන උද්‍යෝගෙන් ඉන්නෙ ඌට සීතලේ ගානකුත් නෑ රිසෝට් එකේ ලස්සන දැකලා හතර වටේ නටනවා.. ඒ එක්කම වැඩ කරන මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා අපේ බෑග් ඔක්කොම ඇතුලට අරගන ගියා..

"ජනා.. අඩෝ මේ බලපන් ඔංචිල්ලාවකුත් තියනවා.. ලව් කරන්න පස්සෙ බැරියැ වරෙන්කෝ මට තල්ලුවක් දාන්ඩ"

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now