03.

1.4K 249 51
                                    

"අපි වැස්සෙ නෑවා තමයි ලෙඩ උනා තමයි මැරෙන්ඩ හදලයි ආවේ.."

වෙනදට උදේ නවයට විතර නැගිටල දෙයියනේ කියල නිදහසේ කාලා බීලා ත්‍රීවිල් පාර්ක් එකට යන මම අද කුකුලත් අතේ අරන් තේක විතරක් බීලා මේ සින්දුවෙ එකම පද ටික මුමුන මුමුන යන්නෙ ජයන්ත ගෙ බංගලාවට.. ඊයෙත් විනාඩි අටක් පරක්කුයි කියල සද්දයක් දැම්ම නිසා මම ඉතින් අද හරියට වෙලාවටම යනව කියල හිතාගන වෙලාවට එලිබැස්සා..

අර විසාල ලී ගේට්ටුව ඉස්සරහ පැටික්කි නවත්තද්දි වෙලාව හතයි පනස් හතයි.

පනස් අටායි
පනස් නවයායි

හරියටම අට වෙද්දිම මම පැටික්කිගෙ හෝන් එක ගහන්න අත තියද්දිම මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..

"හෙලෝ.."

"තමුන් ඇවිත්ද ඉන්නෙ?"

"අහ් ඔව් පොඩි මහත්තයා.. මම ගේට් එක ගාව ඉ-"

කියල ඉවර කරන්න හම්බුනේ නෑ එහා පැත්තෙන් කෝල් එක කට් උනා.. උදේ පාන්දර මෙ පගයා මාව කේන්ති ගස්සනවා.. මුස්පේන්තු කමට ලේ ටික පුච්චගන්නත් බැරි නිසා මම හොද හුස්මක් අරගන පහලට දාලා ළඟ තිබ්බ වොඩ්කා බෝතලෙන් වතුර ටිකක් බිව්වා. ඒ එක්කම වගේ අර විසාල ලී ගේට්ටුවට එහායින් තියන පොඩි ගේට්ටුව ඇරුනා..

අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇදගන ගිනි කාස්ටක අව්වෙ..

මගෙ හිතෙන් ඒ පද පේළිය කියවෙන ගමන් මගෙ කට දනිස්ස ගාවට විතර පහත් උනා..

මේ කවුත මේ!!

ජයන්ත ඇදගන හිටියෙ ඔෆිස් කිට් එකක්. ලා නිල් පාට වගේ කමිසෙකට කලු කලිසමක් ඇදලා ටයි එකකුත් දාලා. බ්ලේසර් එක තිබ්බෙ අත උඩින් දාගන. මගෙ කට පහලට පාත් උනේ වෙන මොකුත් නිසා නෙවෙයි මේකගෙ ලස්සන දැකලා. ආයෙ ඉතින් ලස්සන දේකට ලස්සනයි කියන්න ජනා දෙපාරක් හිතන්නෑනෙ..

බොරු ඕන්නෑ ලොකුකමයි පඩිකමයි පැත්තක තියලා මූ දිහා බැලුවාම හිතෙන්නෙම නිකන් වෙන රටකින් ගොඩබැස්ස  එකෙක් කියල. කොහොමත් මූ වෙන රටකින් තමා ගොඩබැස්සෙ.  ඒත් ඉතින් ඉපදුනෙ මේ සිරි ලංකාදීපෙනෙ.. ඒ උනාට පෙනුම නම් ආයෙ කතා කරලා වැඩක් නෑ මාරම ලස්සනයි. ලස්සන කියන්නෙ පට්ටම හැන්ඩ්සම්..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now