15.

1.3K 257 69
                                    

තුහින අයියා කරන එක එක මට නොතේරෙන දේවල් එක්ක මට මගෙන් නින්ද ටික ටික නැතිවේගන යන ගමන් තිබුනා.. ඊයේ රෑ ඇවිත් කියල ගිය දේවල් එක්ක මට හිතුනෙම මට පිස්සු හැදෙයි කියලා.. මුල් දවස් වල හැමවෙලේම මාව මරාගන කන්න හදලා ටික ටික වෙනස් වේගන යන එයාගේ හැසිරීම මට ගෙනාවෙ අමුතු හැගීමක්.. ඒක සතුටක්ද කියන්න මම දන්නෑ.. ඒත් මම හොදාකාරවම දන්නවා ඒක දුකක් නෙවෙයි කියලා..

එයාගෙ ඒ අමුතු වෙනස , අමුතු කතාබහ මට ගෙනාවෙත් අමුතුම ආස්වාදයක්.. ඒත් සහන් කිව්ව දේවල් එක්ක මගේ හිත එහෙට මෙහෙට දෝලනය වුනා..

ඇත්තටම මගේ හැඟීම් තියෙන්නෙ පිරිමි අයටද? නෑ මම ඕනතරම් කෙල්ලන්ට ආකර්ශන වෙලා තියනවා.. කවදාවත් ආදරය නොකලත් ආකර්ශනය වීම මම අඩු නැතුව වෙලා තියනව. ඒත් මම මේතාක් කාලෙකට කොල්ලෙක්ට එහෙම ආකර්ශනය වෙලා නෑ.. එහෙනම් තුහින අයියා ගැන දැනෙන මේ හැගීම මොකද්ද ? මම ඇත්තටම එයා ගැන හිතනවද?

><

මම හිටියෙ බංගලාවේ ගේට්ටුව ළඟ. උදේ කෝල් කරලා තුනයි කාල වෙද්දි එන්න කිව්ව නිසා මං වෙලාවටම බංගලාව ලඟට ආවා.. වෙනදට තුහින අයියා එනකල් ෆෝන් එකේ මොනාහරි බල බල ඉන්න මට අද ඒක කරන්න බැරිවුනා.. මගෙ ඇස් තිබ්බෙ ලොකු ලී ගේට්ටුව ළඟ.. මං තුහින අයියා එනකල් මඟ බලන් ඉන්න පටන් අරන්ද? ඒ ප්‍රශ්නෙ මං මගෙන්ම ඇහුවත් උත්තරයක් මට ලැබුනෙ නැතත් මට මගෙ ඇස් ගේට්ටුවෙන් අහකට ගන්න බැරිවුනා..

ටිකකින් පොඩි ගේට්ටුව ඇරෙනකොට මට දැනුනෙ මගෙ පපුව ගැලවිලා බිමට වැටෙන්න තරම් හයියෙන් ගැහෙන විදිය.. ඒක හරි අමුතු අපහසු හැගීමක්.. එයා එනව එයා එනවා.. මන්දාරම් කතාවේ..

ක්‍රීස් ගාගන ගේට්ටුව ඇරගන එලියට ආවේ වෙන කවුරුත් නෙවෙයි ගොරකා යකා.!

නෙද්දකින්.. !

අල්ලගන හිටිය හුස්මත් එහෙම්ම පුහ් ගාලා පහලට දාපු මම රවාගන බලාගන හිටියෙ වතුර බටේකුත් උස්සගන එලියෙ තිබුන මල් පැල වලට වතුර දාන ගොරකා නන්දන දිහා.. මේ ගිනි දවල් තුනට මූ පැල වලට වතුර දානව.! කාට කියන්නද

මම ගොරකයා දිහා බලන් ඉද්දි මට ඇහුනා ආයෙම ගේට්ටුව ක්‍රීස් ගාලා ඇරෙනව.. මම දඩබඩ් ගාලා ඔලුව හරෝලා බැලුවාම තුහින අයියා මගේ දිහා බලල යන්තම් හිනාවුනා.. බැහැගන යන ඉර අව්ව තුහින අයියගෙ මූනට වැටිලා තිබුනයින් ඒ මූන දිලිසුනා.. හනේ මුගෙ ලස්සන!

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now