35.

1.2K 262 74
                                    

"පෙම් කැකුල පිපී එන විට මහදේ.. එය පරව ගියා... මා හෙලා මේ දුක් අන්ධකාරේ.. අන්ධකාරේ.. අන්ධකාරේ.. අන්ධකාරේ.. අන්ධකාරේ.. අන්ධ--"

"ඇයි හු--රුල්ලෝ උබලට කරන්ට් එක කපලද ඔච්චර අන්ධකාර වෙලා තියෙන්නෙ!"

සහන් පගා ගෙ නන්ස්ටොප් කැසට් එක පටන් ගත් ගමන්ම එක තැන ප්ලේ වෙන්න ගත්ත හින්දා මට මලපැන්න පාර තව ඩිංගෙන් තුහින අයියා ඉන්නව කියලත් අමතක වෙලා තඩි කුණු හරපයක් කියවෙනවා.. මං ශේප් එකේ තුහින අයියා දිහා බැලුවාම මෙන්න ඉන්න කෑස් පුරියෙක් වගේ රවාගන මගේ දිහා බලගන.. අනේ... මගේ අමන කැටේ..

"ඉතුරු වචන ටික එන්නෑ හු-ඟක් මෝඩ ලමයෝ!"

සහනයත් අනිත් පැත්තට ප්‍රතිචාර දෙන්න ගිහින් සුදු බාප්පා උගෙ ගල කෙනිත්තුව නිසා වචනෙ මාරු කලා. මනුල අයියා බිම පෙරලීගන හිනාවෙනව. පොර ශීට් එක අස්සෙ වැටිලා. චරිත් අයියා ඌව ආයෙ අහුලලා ශීට් එකෙන් තිබ්බා..

අහ්හ්.. අපි මේ බණ්ඩාරවෙල යන ගමන්.. වෑන් එකක් කතා කරගත්ත නිසා තුහින අයියා මනුල අයියටයි චරිත් අයියාටයිත් එන්න කිව්වා.. ඒ දෙන්නා මැද ශීට් එකේ.  ඉස්සරහම සහනුයි සුදු බාප්පයි... පිටිපස්සෙ මායි මගේ පයිලට් මාත්තයයි..

සුදු බාප්පා අදුරන අයියා කෙනෙක්ගේ වෑන් එකක් නිසා එයාවම ඩ්‍රයිවින් වැඩේට ගෙන්නගෙන.. මිනිහත් ඉස්සරහ ඉදන් හිනාවෙවී යනව මට පේනවා..  නම විදුලක කියලා කිව්වා..

පොර හරි හොද පාටයි උදේම ගුඩ් මෝනින් කියල හරී ලස්සනට හිනා උනා මාත් එක්ක.. අහිංසක කොල්ලෙක්ලු අමතර ආදායමක් හොයාගන්න හයර්  දුවනව කියලයි සුදු බාප්පා කිව්වේ..

ටිකකින් ඉස්සරහින් මුරුක්කු පැකට් එකක් පාස් වෙලා පිටිපස්සට ආවා. සහනයා දැන්ම පටන් අරන් වගේ..

"අයියෙ ආ.."

මම මුරුක්කුවක් කටේ දාගන පැකට් එක තුහින අයියට දික් කලාම මේකා මූණත් බුම්මගන මුරුක්කුවක් ගත්ත. මූට මක් වෙලාද..

"ඒ.. මොකද අනේ වෙලා තියෙන්නෙ.. නැග්ග වෙලේ ඉදන් මූණ පුම්බගන ඉන්නෙ?"

මම එහෙම කිව්වාම මෙන්න මේකා ගැස්සිලා වගේ පහල බැලුවා. මටත් තප්පර ගානක් ගියා ඇයි ඒ කියල මොලේට ප්‍රොසෙස් වෙන්න. නෙදකින් යකෝ මම කිව්වෙ වාහනේට නැග්ග එක ගැන..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now