38.

1.3K 253 122
                                    

"දැන් ඔයා තාම තරහද අනේ.."

මම හොට් පෑඩ් එකත් පිටේ තියාගන මූණ හරවල තුහින අයියා දිහා බැලුවාම මේකා මාව ඇහුන්නෑ පේන්නෑ වගේ ජනේලේ ළඟ සෝෆා එකේ තව ටිකක් පස්ස කරකවලා ඉදගන කියව කියව හිටිය පොතේ තව පිටුවක් පෙරළුවා.. පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාමා හරිත!

"අයියෙ... අනේ මොකද්ද අප්පා තරහ වෙලා ඉන්නද අනේ ට්‍රිප් ආවේ.."

මම කොච්චර නහයෙන් ඇඩුවත් මේ මිනිහා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ. කාමරෙන් එලියට යන්නෙත් නෑ කේක් ගෙඩිය වගේ ඉදගන කතා නොකර ඉන්නවා..

මෙයාට මෙච්චර මල පයින්න මොකුත් උනෙත් නෑ ඇයි රෙද්ද..
















"නිදුක්!!!"

විදුලක අයියා මගේ පිට තවන්න එනකොටම මහ හයියෙන් ආව තුහින අයියගෙ කටහඩට මායි විදුලක අයියායි දෙන්නම උඩ ගියා.. ගැස්සිච්ච පිම්මටම අපි දෙන්නම සද්දෙ ආව දිහා බලද්දි තුහින අයියා සිලි බෑග් එකකුත් උස්සගන දොර ලඟට වෙලා මාව මරං කන්න වගේ බලාගන ඉන්නව මම දැක්කා..

"අ-අයියේ.."

මට කතා කරගන්න වචනත් අමතක උනා.. තුහින අයියා හෙන වේගෙන් අපි ලඟට ඇවිදගන ඇවිත් අතේ තිබ්බ සිලි බෑග් එක සෝෆා එක උඩට අතැරිය පාර ඒකෙ තිබ්බ බාම් වගේකුයි හොට් පෑඩ් එකයි තව මොනාද පෙති වගේකුයි සෝෆා එකේ විසිරුනා.. අනේ සුද්දා මට බෙහෙත් ගේන්නද ගිහින් තියෙන්නේ.. යසයි!

තුහින අයියා ආව වේගෙට මම හිතුවෙම කන පොපියන්න පාරක් දෙයි කියල නිසාම මම එයා දිහා බලන්න බයේ බිම බලන් හිටියා. මට තුහින අයියා කේන්තියෙන් මිට මොලවගන කොල පාට නහර උලුප්පගන ඉන්න අතයි හෙන අයියෙන් හුස්ම ගන්න සද්දෙයි ඇහෙන එකයි පේන එකයි මාව තව ටිකක් බය කලා..

"අහ්.. තුහින මම මේ මල්ලිට--"

"නිදුක්!!!"

තුහින අයියා විදුලක අයියට කියලා ඉවර කරන්න දුන්නෙ නැතුව ආයෙම මල යකා වගේ නිජූ~ක් ගෑවායින් මං ඕන පුකක් පලු දෙකයි කියල තුහින අයියා දිහා බැලුවා. මූනත් දෙක කරගන රවාගන මං දිහා බලන් ඉන්න තුහින අයියා දිහා අහිංසකයා වගේ බලපු මං හිමීට සෝෆා එකෙන් නැගිට්ටෙ මාත් එක්කම විදුලක අයියත් නැගිටිද්දි..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now