11.

1.3K 256 44
                                    

මම හිටියෙ තුහින අයියාගෙ කාමරේ කර්ට්න් හයි කරන ගමන්. එයා කාමරෙන් එලියට ගිය ගමන්ම වගේ ගොරකා නන්දන කාමරේට ආවා. මම දඩබඩ ගාලා නැගිටල එහෙම්ම ඉස්සරහ තිබ්බ කණ්නාඩියෙන් මගෙ බෙල්ල දිහා බැලුවා.

අපරාදෙ කියන්න බෑ අතේ ඇගිලි ටික එහෙම්ම මගෙ බෙල්ලෙ හිටල.. මම ශේප් එකේ බෙල්ල ලගට වැවිලා තිබ්බ මගෙ කොන්ඩෙ උඩට කරල බැදල තිබ්බ කොණ්ඩ බූල් එක ගලෝලා බෙල්ල කොන්ඩෙන් වහගත්තා.

ඒ නැතත් නන්දනයාට ඒකෙ ගානක් නෑ මිනිහා මගෙ දිහා බැලුවෙවත් නෑ ඌ වැඩ. කොහොමත් පොර හෙන බූත පොරක්..මම අද වෙනකල් මිනිහා එක්ක හරියට වචන පහක් කතා කරල නැතුව ඇති.

පොර කට්ට කලුයි. හැමවෙලේම අදින්නෙ ලා නිල් පාට කමිසෙකුයි කහ රතු නිල් සරමකුයි.. කා එක්කවත් කතා කරන්නෑ අඩුම හිනාවක් වත් නෑ. ඔහේ මූණ බුම්මගන ඉන්නව. වැඩක් කරන්න කිව්වොත් කරනව කිසි හාවක් හූවක් නැතුව..

මේ දැන් උනත් පොර වැඩ. මම ඉන්නවද නැද්ද ගානක් නෑ. මම ඉතින් මනුස්සකමට කර්ට්න් ටික හයි කරන්න උදව් උනා..

තුහින අයියාගේ කාමරෙ පට්ට ලස්සනයි. බිමටයි සිවිලිමටයි අල්ලලා තිබ්බෙ ලී.. කාමරේ එක බිත්තියක ගඩොල් බිත්තිය එහෙමම තිබ්බා.. ඒ කාමරේ එක කෙලවරක ගිනි උදුනක් තිබ්බා.. පරණ තාලෙට හදපු ලස්සන එකක්.. කාමරේ මැද ලොකු ඇදක් වගේම ඇදට පිටිපස්සෙන් ලොකු ජනේලයක් කෙලින්ම පෙනුනෙ මිදුල කෙලවර බංකුව එක්ක තිබ්බ ලොකු උණ පදුර.

ඇදට කිට්ටුවම සැපපහසු කුශන් පුටුවක් තිබ්බා.. එක බිත්තියක උඩටම වෙන්න බිත්තියටම හයි කරපු ලොකු ලී අල්මාරියක්.. එතනම එයාගෙ උසටම කණ්නාඩියක් එක්ක ඇද ළඟ වම් පැත්තට වෙන්න ලී මේසයක්..ඒක උඩ පොත් කීපයක් තියල තිබ්බා..

ඒ එක්කම බිත්තියක ලොකුවට ගහපු පින්තූර දෙකක් තිබුනා. එකක් අර මම එදා මනුල අයියාගෙ ඇල්බම් එකෙ දැක්ක යාලුවෝ කට්ටිය එක්ක ඉන්න ෆොටෝ එකක්. ඒකෙ තව කෙල්ලො දෙන්නෙකුත් හිටියා. එක්කෙනෙක් මට කනට ගහපු දවසෙ දුවගන ආව කෙල්ල. අනික එදා මනුල අයියා පන්සිළු කියල පෙන්නුව අයියා එක්ක තුහින අයියා ගහපු ෆොටෝ එකක්. ඒ ෆොටෝ දෙකේම තිබ්බෙ මම තාම ඇහැට නොදැක්ක තුහින අයියාගෙ ලස්සන හිනාවක්..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now