💐 තෙවන කොටස 🌷

16 2 0
                                    

🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

" යා ඉල් සනා "

....

" ඔහ් සන් චියොල්"
අයිඩෙන් ද එම තරුණයාට අත වැනීය.

පසුව එම තරුණයා අයිඩෙන් ළඟට පැමිණ ඔහුගේ පිටට තට්ටුවක් දැමීය.

" ඔබට කෙසේද? "

" මා නම් හොඳින්. හොඳටම හොඳින් "
අයිඩෙන් පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි

" මේ ඒක නෙමෙයි. කවුද අර නැවේ සිට ඔබට අත වැනු රූමත් තරුණිය. "
තොටුපොළෙන් ඈතට යන නැව දෙස බලා සිටි සන් චියොල් අයිඩෙන් ගෙන් විමසීය.

" අයිමි තකහාෂි"

" කුමක්? කුමක් ද ? පැවසුවේ?? "
සන් චියොල් මවිතයට පත් වී ඇසීය.

" ඇයි? "
එය කිසි ලෙසකින් ගනන් නොගත් අයිඩෙන් ඔහුගෙන් එලෙස ඇසීය.

" ඇය මෙහි සිටින විශිෂ්ටම ඔපෙරා ගායිකාවක්. ඇය යනු සෑම තරුණයෙකුගෙම සිහින කුමරිය. දැන් දැන් ඔබ පවසන්නේ ඇය ඔබට අත වැනු බවද? "
චියොල් තවත් පුදුමයට පත්විය

" ඔය කියන ඒවා මන් දන්නෙ නැහැ. අපි යමුද? "
ඔහුගේ කතාවේ කිසිදු උද්යෝගිමත් බවක් තිබුණේ නැත.

" හා හා "
චියොල් තවමත් පිටුපස හැරෙමින් නෞකාව දෙස බල බලා ගමන් ගත් අතර අයිඩෙන් ඉදිරිය බලා ගමන් කරයි.

අවසානයේ පොදු ප්‍රවාහන සදහා භාවිතා කරනා අශ්ව කරත්තයකට ඔවුන් නැගගත් අතර අයිඩෙන් කවුළුවෙන් පිටත දෙස බලමින් ගමන් කරයි.

සන් චියොල් යනු අයිඩෙන් කොරියාවේ ගෙවු වසර 7 පුරාවට ඔහු ළඟින් සිටි මිතුරෙකි. ඔහු මධ්‍ය පාන්තිකයෙක් විය.
ඉතාලියේ ජීවත් වෙද්දි අයිඩෙන් හා සන් චියොල් ලියුම් ලියමින් එකිනෙකා ගැන විස්තර සොයා බැලීය.

 ඉතාලියේ ජීවත් වෙද්දි අයිඩෙන් හා සන් චියොල් ලියුම් ලියමින් එකිනෙකා ගැන විස්තර සොයා බැලීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now