💐 නවවැනි කොටස 🌷

6 2 0
                                    

.
අයිඩෙන් කොරියාවට පැමිණ දින දෙක තුනක් ගතවිය. ඔහු සිටියේ සැනසීම් රහිත වූවෙක් ලෙසයි. එය දකින ඕනෑම කෙනෙකුට තේරෙයි.

තීන්ත පෑනක් අත තිබුන ද, පොතක් තිබුනද ඔහු ජනේලය දෙසින් හිරු බැස යන ආකාරය දෙස බලා සිටියේ ය.

චින් මේ මෙවර කතා නොකරම ඇතුළට ආවේ යමක් අත් පිටුපස සගවාගෙනය.

අයිඩෙන් ඡායාවක් මෙන් තම දෑස් කොනකින් දුටු නිසා ඒ දෙස හැරිණි.

තොල් තදරගෙන කකුල් ලං කරගෙන ඇඹරි ඇඹරි බිම බලා සිටි චින් මේ දෙස බලා අයිඩෙන් හිනා විය.

" ඇයි චින් මේ? "
අයිඩෙන් විමසීය.

" ම්... ම්... මහත්තයා මම කවි ලිව්වා. ඒවා හොඳයිද බලනවද?? "
තම දෙ අත් මත සඟවා ගෙනා කොල කිහිපයක් මේසය උඩින් තබා ඔහු එතනින් දිව ගියේය.

අයිඩෙන් එය ඔහුගේ මේසයෙහි එක ලාච්චුවෙහි තැබුවේ පසුව බලන්නම් කියාය.

................

එලෙස දින ගණන් ගතවිය. අයිඩෙන් ගේ කනස්සල්ල ටිකෙන් ටික පහවිය. චින් මේ ගේ ක්‍රියාශීලී ගතිය නිසා අයිඩෙන් ට පාළුවක් නොවීය.

.

" ඔබට දැන් හොඳක් දැනෙනවා ද ? "
චියොල් හා අයිඩෙන් ගෙවත්තේ ඇති බංකුවක් මත හිදගෙන කතා කරමින් සිටි.

" එය නිකන් පලා යෑමක් පමණයි. "

අයිඩෙන් පිලිතුරු දිය.

" දැන් ඊළඟ පියවර මොකද්ද? ඇත්තටම මොකක්ද වුනේ කියන්න. "

" කාලය ආවාම මන් ඔබට හැමදේම කියන්නම්. "

ඒ අතරේ චින් මේ තමා වවමින් සිටි එළවළු වගාව ට සාත්තු කරමින් සිටියේය.

" ඔහු දිහා බලාසිටිම ප්‍රිය දෙයක්. "
අයිඩෙන් චින් මේ දෙස බලා කීවේය.

එය ඇසු චියොල් මදක් අවුල් විය.
" ඇයි ඔබ එසේ පැවසුවේ? "

" ඔහු හරිම ක්‍රියාශීලී. බළල් පැටියෙක් වගේ සුරතල් "

" ඔබට බැරි ද ඒ බළල් පැටවා මට තෑගි කරන්න. "
චියොල් ඇසුවේ සැබෑවට ය.

" ඇයි ඒ? "

" ඔබ ආයේ ගියොත් ඒ බළල් පැටවා තනිවේවි. මේ අවුරුදු ගානටම ඔහු තනිවුන විදියට "

අයිඩෙන් නැති වූ පසු චින් මේ සිටි විදිය දන්නේ චියොල් පමණය.

" බලමු. "
අයිඩෙන් එය ගණන් නොගත්තත් ඒ පිළිබද සිතන්නට විය.

🌕🌕🌕🌕🌕🌕🌕🌕

රාත්‍රි කාලයෙහි අයිඩෙන් තම ලේඛන කාමරය වෙත ගියේ කිසියම් කතාවක් හෝ නිසදැසක් ලිවිමට සිතාය.

නමුත් ඔහුගේ සිතට කිසිදු සිතුවිල්ලක් නොපැමිණි බැවින් ඔහු තම ලාච්චුව තුළ තැබූ චින් මේ ගේ නිසදැස් කියවීමට තීරණය කළේය.

🌼🌼
_මලින් මල විකසිත වු
වසන්ත සෘතුවේ උදෑසනක
තවම නොපිපුණු මලක් වෙනුවෙන් බලා සිටියෙමි_ ...

ඒ ඔහුගේ පළමු නිසදැස විය.

🌕🌕

   ..... *සඳ හා තරු සියල්ල හොඳින් පෑයු රාත්‍රියක
... අහස දෙස බලා සිටියද
නැවත නොදකින හඳ මගේ වෙන්න යැයි මා පැතු වෙමි.*
    🌕🌕

💦💦
  ...... වර්ෂාව විටෙක සුන්දරයි තනි වූවන්ට...
ගිනි ගන්න කදුලැලි සිසිලසින් නිවන්න
සීතලට ගුලිවී නැවත හිරු එනතුරා වැලපෙන්න.....

💦💦

' ඔහු කාට හෝ පෙම් කරනවද? '

අයිඩෙන් තමාගේන්ම ප්‍රශ්න කරන්නට විය.

ඔහුගේ කවි සුන්දර නමුත් එහි විරහව ගැබ් වී ඇති බව අයිඩෙන් ට තේරුනි.

පසුව ඔහු චින් මේ ට කතා කර මේ ගැන විමසීය. නමුත් ඔහු නිහඬ වී සිටියේය.

ඔහුගේ සිතේ සිටින තැනැත්තිය සමඟ ජීවත් වීමට කැමැති නම් ඔහුට ඇය සොයා යන මෙන් අයිඩෙන් කීවද ඔහු එයට අකමැති විය. දාස භාවයෙන් නිදහස් කොට ජේජු වෙත යවන්නම් කියා පැවසුවද,

චින් මේ දාස භාවය ඔහුට සැනසීමක් බව පවසමින්, ඔහු අයිඩෙන් සමඟ ඉන්නට කැමති බවත් පැවසීය.

ඉන් එහා කිසිවක් නොකියු අයිඩෙන් ඔහුගේ කැමැත්ත ට ඉඩ දිය.

ඉන් එහා කිසිවක් නොකියු අයිඩෙන් ඔහුගේ කැමැත්ත ට ඉඩ දිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

... .... ... .... .... ... .... .... ....

අද රෑට තවත් කොටසක් දෙන්නම්.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now