...........
" මොනවද හොයා ගත්තේ ? "" මේ අයිඩෙන් සර් ලියපු ලියුමක්"
.....
ජේසන් වික්ටෝරියෝ වෙත යම් කඩදාසියක් භාර දුනි. එය කියවූ වික්ටෝරියෝ ගේ ඇස් ගිනියම් විය. ඔහුගේ කේන්තිය නිසා ඔහු මේසයට වැරෙන් පහරක් එල්ල කර මිට මොලවා ගත්තේය.එහි සදහන් ව තිබුණේ
........ අවසානයේ මා මෙසේ කියමි. ඔබ මම ආදරය කළ පළමු තැනැත්තා නොවුනද, මගේ ජීවිතයට ලැබුණ දැනුණ තැනැත්තා නුඹ විය.......
" ඔහුට අනියම් සම්බන්ධයක් තිබෙනවා. දෙදෙනාම ඉක්මනින් හොයාගන්න. දෙන්නම පණ පිටින් ඕන. "
ජේසන් වික්ටෝරියෝ ගේ කීමට හිස නමා එතැනින් පිට විය.
.....
........... " මොනවද ඔබ දැනගත්තේ?? "" ඔහු ඩෙල් ගාර්ඩා වල සිටින බව "
" එපමණක්ද? "
" තව.... මේ.... "
" කියන්න. මොනවද?? "
" ඔහු තව පිරිමි ළමයෙක් සමඟ සිටින බව. "
" හොඳයි ඔබ පිටවෙන්න. "
" හොඳයි. "
අයිමි වික්ටෝරියෝගේ ආයතනයේ සිටින සේවිකාවකගෙන් අයිඩෙන් පිලිබදව තොරතුරු දැනගත්තේ ය.
' අයිඩෙන් මා ඔබව වෙන කාගෙවත් වෙන්න දෙන්නෙ නැ ' අයිමි තරහින් හිතන්නට විය.
.......
..............ටිකක් හවස් වී තිබු බැවින් චින් මේ කාමරය ට වී සිටියේය. ඔහුට කම්මැලි කම ඉයවහා ගොස් තිබුණි. එක වරම ඉස්සරහා දොර අරින සද්දය ඇසි චින් මේ අයිඩෙන් වේලාසන පැමිණි බව සිතිය.
" ඔබ අද වේලාසනින් ඇවිල්ලා. "
එසේ කියමින් සාලයට ගිය චින් මේ දුටුවේ දෑත් දෙපා වෙව්ලන දෙයකි.
ඒ අයිමි ය. ඇගේ දෑස් කෝපයෙන් ගිනි ගෙන දැවි ගොස් ඇත. ඇයට දැන් චින් මේ ට දවා අළු කරන තරමටම කේන්ති ය. චින් මේ ළඟටම පැමිණි අයිමි ඔහුගේ කම්මුලට තද පහරක් එල්ල කළාය.
" සේවකයා, සේවකයෙක් විය යුතුයි. "
චින් මේ ට කට උත්තර නැති විය.
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historisk fiksjonසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි