💐 දාහතරවෙනි කොටස 🌷

10 3 0
                                    

තවත් උදෑසනක් උදා විය.

චින් මේ හා අයිඩෙන් අත් අල්ලාගෙන වත්ත තුල ඇවිදිමින්  සිටියේය.

" මා මීට කලිං මෙලෙස ඇවිදලා නැහැ. "
අයිඩෙන් පැවසීය.

" මාත්. මා ආදරය කළ පළමු තැනැත්තා ඔබයි. ඔබටත් එහෙමද? "

එවර නම් අයිඩෙන් නිහඬ විය. මොකද මේ ඔහුගේ කුළුදුල් ප්‍රේමය නොවීය.

" ඔබ ආදරය යනුවෙන් හදුන්වන්නේ කුමක් ද ? "
අයිඩෙන් චින් මේ ගෙන් පැනයක් ඇසීය.

චින් මේ දෑස් වසාගත්තේය.

" මට මේ ලෝකයේ කිසිම දෙයක් පේන්නේ නැහැ. කිසිම දේකට බිය නැහැ. ඔබ මගේ ළඟ ඉන්නවා නම්. මට ඔබව දැනෙනවා නම්. "

චින් මේ ගේ පිලිතුර එය විය.

චින් මේ එක්වරම අයිඩෙන් ගේ තුරුලට විය. අයිඩෙන් ගේ හදවත සුන්දර රිද්මයකට ගැහෙන බව ඔහුට තේරුණි. අයිඩෙන් ගේ පපුව ළගට උස තිබු චින් මේ ටද මේ හදවත ගැහෙන හඩ ඇසුනි.

අයිඩෙන් ද චින් මේ ව තම දෑත් වලින් බැඳගත්තේය.
ඔහුගේ මනස ට නිදහස් බවක් හා සැහැල්ලුවක් දැනෙන්නට විය.

' මේ දැනෙන සුන්දර හැගීම , ගැලවෙන්න හිතෙන්නේ නැති දැනුනාම ලෝබ හිතෙන උණුසුම ආදරය වෙන්නැති. '
අයිඩෙන් සිතන්නට විය.

........... පෙම්වතුන් ට කාලය කියන්නේ නොදැනෙන දෙයක් වෙන්නැති.....

" තව කොච්චර වෙලා ඔහොම ඉන්නවද? "

ගේට්ටුව විවෘත වන සද්දය වත් නොඇසුනු තරමටම ඔවුන් එකිනෙකා ගේ ලෝක වල තනි විය. චියොල් පැමිණ ඔවුන් ට කතා කරද්දී ඔවුන් ඔවුන්ගේ උණුහුමින් මිදුනි.

" චියොල් ඔබ ආවේ. "
අයිඩෙන් විමසීය.

" අද තුනෙන් පසු මාව හමුවන්න ට සියොල් හි කැෆේ එකට එන්න. "
එය වෙනදා ස්වරය මෙන් නොව දැඩි ස්වරයකි.

" ඇයි?? "

" ප්‍රශ්න එපා.... "

චියොල් එතැනින් නික්මනි.

අයිඩෙන් හා චින් මේ මූණට මූන බලාගත්තේ වුනේ කුමක්දැයි නොතේරුණු නිසාය.

........... ............. ................... ....

චියොල් ගේ දැනුම් දීම නිසා අයිඩෙන් ගෙයින් එළියට බැස්සේය. චින් මේ ට සමු දුන්නේ සිනහා මූණකින් වුනත් ඔහුගේ හිත ඇතුලේ යම් චකිතයක් හට ගෙන තිබුනි. පැමිණි කාර් රථයට නැඟී ඔහු චියොල් හමුවීමට ගියේය.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now