💐 පහළොස්වන කොටස 🌷

15 3 0
                                    



.... මීට වසර අටකට පෙර.....

1970. 07. 20 ( chapter 6 )

තම මවගෙන් පැමිණි ලියුම  කියවා තම මව බැලීමට යාමට අයිඩෙන් තීරණය කළේය.

ඉන් සතියකට පසු අයිඩෙන් සියොල් වලින් පිටවුනේ නැවත සතියකින් එහි එන බලාපොරොත්තුවෙනි.

තම උපන් නිවසට ගිය ඔහුට ඔහුගේ මවගෙන් දැනගන්නට ලැබුණේ සුභ ද අසුභ ද කියා සිතිය නොහැකි ආරාංචියකි.

ඔහු පැමිණ දවස් දෙකකට පසු ඔවුන් ජපනයේ ටෝකියෝ වෙත පිටත් විය. තම මව පැවසු ආරංචිය නම් ' අපි ජපානයට පිටත් වෙනවා. ' එපමණයි.

ඔවුන් ගියේ ටෝකියෝ හි විශාල ධනවතෙකු ගේ නිවසටයි.  උදෑසන තේ පැන් සංග්‍රහයක් සඳහා සභාගි වූ ඔවුන් පසුව වැදගත් කාරණයක් පිළිබඳ කතා කළහ.

" ඔබ මගේ දියණියව දන්නවද අයිඩෙන්. "
ඔවුන් ව කැදවූ පුද්ගලයා අයිඩෙන් ගෙන් විමසීය.

" මම නොදනිමි. "
ඔහු උත්තර දුනි.

" දුව. මෙහි පැමිනෙන්න. "
සුන්දර හා උසස් ගනයේ කිමෝනාවකින් සැරසී සිටි සුන්දර තරුණියක් ඔහු ඉදිරියට පැමිණියේ ය.

 "සුන්දර හා උසස් ගනයේ කිමෝනාවකින් සැරසී සිටි සුන්දර තරුණියක් ඔහු ඉදිරියට පැමිණියේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අයිමි. "
අයිඩෙන් ට ඉබේම කියැවිණි.

අයිමි ඔහු දෙස සිනාසි බලා සිටියේය.

" ඇය ඔබව විවහා වෙන්න කැමතියි. "

කලින් කතා කළ පුද්ගලයා අයිමිගේ පියා විය. ඔහු තම යෝජනාව සොලික් පවුල වෙත කෙලින්ම යෝජනා කළේය.

අයිඩෙන් සිතුවේද තමා ආදරය කරන පළමු තැනැත්තිය මෙය බවයි.

"  මමත් ඇයව විවහා වෙන්න කැමතියි."
අයිඩෙන් පිළිතුරු දිය.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now