.......... හවස් කාලයේ අයිඩෙන් තම කාමරයේ සිට ඇඳුම් තෝරමින් සිටි. ඔහු චින් මේ ට ද සුන්දර ඇදුමක් යැවීය.
" පුතා. "
අයිඩෙන් ගේ මව පැමිණියාය.
" අම්මා. "
" ඔන්න චින් මේ නම් හරිම සුන්දරයි. "
" ඔහු ලෑස්ති වෙලාද? "
අයිඩෙන් කලබලෙන් ඇසීය.
" ඔව්. ඔබ වගේ නෙවේ. ඔහු හරිම හොඳයි. "
" අම්මා. ඔබ ඔහුගේ පැත්ත අරගන්නවද?? "
" ඉක්මනට ලෑස්ති වෙන්න. "
ඇය අයිඩෙන් ගේ පිටට නොරිදෙන පහරක් එල්ල කළාය.......... " අයිඩෙන් සර්. ඔබේ කෝපි එක රැගෙන ආවා. "
" එන්න. "
සේවිකාවක් පැමිණ ඔහු ගේ මේසය මත කෝපි එක තබා කාමරයෙන් පිට විය.
" මා ඔබ එනතුරු ඉන්නවා පුතා. "
අයිඩෙන් ගේ මව තම දරුවාගේ නළල මත හාදුවක් තබා කාමරයෙන් පිට විය.
......
සන්ධ්‍යා කාලය පහව ගොස් රාත්‍රිය උදා වී ඇත..චින් මේ කුටිය තුල ඇවිදිමින් සිටියේ මේ ඔහුගේ පළමු උත්සවය නිසාය.
.... " ඔබව කැදෙව්වා. "
එක සේවිකාවක් ඔහුට දැනුම් දිය.
ඔහු පිටතට පැමිණ සරසා තිබු සාලය වෙත ගියේය. ඔහු බැලුවේ අයිඩෙන් සිටින තැනය. නමුත් අයිඩෙන් නොසිටියේය. ඔහුගේ හදවතේ චකිතයක් හටගත්තේ ය.
" තරුණයා. ඇවිත් ඉදගන්න."
වික්ටෝරියෝ චින් මේ ට පැවසීය.
ඔහු ගොස් කෑම මේසය මත ඉදගත්තේය.කෑම මේසයෙ මුල් පුටුවේ වික්ටෝරියෝ ද ඔහුගේ දකුණු පසින් අයිමි ද වම් පසින් ඇන්ඩ්‍රෙයිනා ( මව ) ද අසුන් ගෙන සිටිහ.
" එසේ නම් අපි ආහාර ගනිමු. "
... " නමුත් තවම ඔහු ආවේ නෑනේ. "
චින් මේ මුමුණන්නට විය." ආ. අයිඩෙන් ට මදක් අසනීපයි. ඔහු එන්නේ නැහැ. "
වික්ටෝරියෝ පැවසීය.දැන් නම් චින් මේ ගේ හදවත එළියට පනින තරමට ම ගැහෙන්නට විය.
ඔවුන් ආහාර ගත්තද, චින් මේ හැන්ද රැගෙන එය අනමින් සිටියා පමණි.
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historical Fictionසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි