💐 එකොළොස්වැනි කොටස 🌷

7 2 0
                                    

..

මහා වැස්සකින් පසු පෑයුමක් මෙන් මත් බව නිසා අයිඩෙන් ලේඛන කාමරයේ මුල්ලකට වී නිදන්නට විය. ඔහු චින් මේ ගේ සටහන් පොත පපුවට තුරුළු කරගෙන සිටී.

නමුත් චියොල් ට මේ වූ සිද්ධිය නිසා කරන්නට කිසිවක් නොමැතිව ඔහේ බලා සිටීමට සිදුවිය.

' චින් මේ ගැන උපන් ස්නේහය උපන් ගෙයිම මරා දැමීමට සිදුවන බව චියොල් ට දැනිණි. අයිඩෙන් චින් මේ ටත්, චින් මේ අයිඩන් ටත් රහසිගතව පෙම් කර ඇති බව ඔහුට වැටහිණි. නමුත් තමා අවුරුදු ගාණක් තිස්සේ හිතින් පෙම් බැදි ඔහුව අමතක කරන විදිහක් ඔහුට සිතා ගත නොහැකි විය. '

පසුව චියොල් තැබැරුම වෙත ගොස් මධුවිත පානය කරන්නට විය. තව සෝජු බෝතලයක් මිල දී ගත් ඔහු එය පානය කරමින් වීදිය දිගේ යන්නට විය.

සිතා ගත නොහැකි සිතුවිලි සමුදායක ඔහු ගිලෙමින් සිටි.

මුළු රැයක් එළි වන තෙක්ම චියොල් කල්පනා කරන්නට විය.

හදාගත නොහැකි සිතක් සමඟ බොරු හිනාවකුත් මවාගත් ඔහු අයිඩෙන් ගේ නිවස වෙත යෑමට තීරණය කළේය.

...........

🌤️

" මහත්තයා නැගිටින්න. "

" චින් මේ අවසානයේ ඔබ මා වෙත පැමිණියා. "

" ඔව්. මා පැමිණියා. "

" ඔබට ස්තූතියි."

අයිඩෙන් ගේ මුහුනේ සිනහාවක් ඇදිණ.
නමුත් ඒ සිනහව වියකෙන්නට ගියේ සුළු මොහොතකි.

මොකද ඇස් වසා සිටියෙදි දුටු චින් මේ ඇස් ඇරෙන විට නොසිටි බැවින් ය.

ඔහු තම ඔළුව අල්ලා ගනිමින් නැගිට බිත්තියට හේත්තු විය. ඔහුගේ කොණ්ඩය අවුල් වී ඇත. මූණ මැලවි ඇත.

චියොල් ද ටික වෙලාවකට පසු පැමිණියේය. නමුත් ඔහු තවමත් ගල් පිලිමයක් ලෙස බලාගත් අත බලා සිටි. චියොල් ද ඔහු දෙස බලා සිටි.

" මෙය හරිද? "
අවසානයේ අයිඩෙන් හඬ විවෘත කළේය.

" කුමක් ද? "

" මෙය අසම්මත නොවේද? හරි නම් මා කැමති විය යුත්තේ තවත් කතකට නොවේද? "

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now