💐 දාහත්වන කොටස 🌷

6 3 0
                                    

............

එක අතකින් තම නිදහස වෙනුවෙන් ද , අනිත් අතින් චින් මේ ගේ සතුට වෙනුවෙන් ද ඔහු කොරියාව අත්හැර යන්නට නැවත ඉතාලියට යන්න තීරනය කළේය.

ඔහු ට අනුව ඔහුගේ පවුලේ අය කිසිදාක ඉතාලියේ ජීවත් වන බව නොසිතනු ඇත. එබැවින් ඔහු ඉතාලියේ කුඩා ගමකට ගිහිං ජීවත් වෙන්න තීරණය කළේය.

ඔහු මෙවර චියොල් හොයාගෙන ඔහුගේ රාජකාරි ස්ථානයටම ගියේය.

" එහෙනම් උඹේ අවසාන තීරණය ඒකද?? "

" හ්ම්. මට තව දුරටත් ආදරය සොයනවා කියන්නේ සිහිනයක්. "

" එහෙනම් උඹ ප්‍රවේශමෙන් පිටත් වෙන්න."

" ඒත් එක වතාවක් මගේ හදවතට දැනුන ඔහු ව බලන්න ආසයි. "

" ඔහු ඔබව බලන්න කැමති නැහැ. "

" ඒකට කමක් නැහැ. එයාව හොඳින් බලාගන්න. "

අයිඩෙන් ගේ හිත හොඳටම පෑරි ඇති නමුදු ඔහූ තමාටම තමා හොඳින් යැයි පවසා ජීවත් වන්නට තීරණය කළේය.

............... " චින් මේ. ඔබ හැමදාම ඔය ලෙස ඉන්නද කල්පනාව. "

ඔහේ කාමරයේ සිට ජනේලයෙන් එළිය බලාගෙන සිටින චින් මේ දෙස බලා චියොල් ඇසීය.

" ඔහුට ඇත්තටම දැන් මාව එපා ද ? "
කදුළු පුරවා ගත් දෑසින් චින් මේ ඇසීය.

" ඔව්. ඔහු ඇය සමඟ ජීවත් වෙන්න තීරණය කළා. ඔබ හිත හදා ගන්න ඕන චින් මේ. "

" ම්ම්. "

චියොල් ට චින් මේ දුකින් ඉන්නවා දැකිය නොහැකිය. ඊටත් වඩා ඔහුට චින් මේ තව කෙනෙක්ට අයිති වීම ට දී බලා සිටිමට ද නොහැක.

චියොල් ට මොවුන් ව වෙන් කරන්න හිතෙන්නේද නැත. ඔහු හැම මොහොතකම ' මා මේ කරන දේ නිවැරදි දැයි ' සිතන්නට විය.

චින් මේ හැම වෙලාවෙම අයිඩෙන් ගැන සිතමින් කදුළු සලයි. ඔහු නිවැරදි ව ආහාරයක් ගන්නේද නැත. සමහර වේලාවන් වලදි බලා ගත් අත බලාගෙන සිටි. මෙය දකින ඕනෑම කෙනෙකුට ඔහු ගැන දුකක් හා අනුකම්පාවක් ඇති වේ.

අවසානයේ බැරි ම වූවද අයිඩෙන්, චින් මේ ව මෙහි තබා ඉතාලි වෙත යන්නට තීරණය කළේය.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now