💐 දහවැනි කොටස 🌷

10 2 0
                                    

☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

චින් මේ උදෑසනම සියොල් වීදි වෙත පිටත් වුයේ ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමටයි.

ඒ අතර තුර අයිඩෙන් නිවස පුරා ඇවිදිමින් සිටියේය. අවසානයේ ඔහු චින් මේ ගේ කාමරය වෙත ගියේය.

කුඩා කාමරයක් වුවද එය ඔහු ඉතා පිලිවෙලට තබාගෙන ඇත. කුඩා මේසයක් හා එය මත ඇති පොත, පින්සලක් නවා දැමු මෙට්ටය. එය සරල කාමරයක් විය.

අයිඩෙන් චින් මේ ගේ මේසය මත ඇති පොත අරගෙන දිගහරිද්දී ම දින දර්ශකයක් බිමට වැටිනි. එය මීට අවුරුදු හතකට පෙර ඔහු ට අයිඩෙන් ලබා දුන් දින දර්ශකය විය.

' එය තාමත් ඔහු ළඟ. පුදුමයි. '

එම පොතේ ද සටහන් වී තිබුනේ චින් මේ ලියා තැබු නිසදැස් ය. ඔහු එය රැගෙන ගියේ කියවන්නට සිතාය.

........................

චින් මේ නැවත පැමිණෙද්දී උදෑසන දහය පසුවී තිබිණි. ඔහු දහවල් ආහාර පිළියෙල කර කෑම මේසය මත තබා වත්තේ ඇවිදිමින් සිටියේය.

" චින් මේ පැමිනෙන්න. "
එය විධානාත්මක විය.

අයිඩෙන් කතා කල විලාසය නිසා චින් මේ මදක් තැති ගැන්විය. නමුත් ඔහු අයිඩෙන් ගේ අණට අනුව ඔහුගේ කාමරය වෙත ගියේය.

එහි මේසය මත යම් ලියුම් කවරයක් තිබිණි.

" මෙය ගන්න. "
අයිඩෙන් එය පෙන්වා චින් මේ ට කීවේය.

" මෙය කුමක්ද? "

" ඔබේ මෙහි සිටි අවුරුදු හත පුරාවටම මා ගෙවිය යුතු මුදල. "
චින් මේ ගේ ඇස් උඩ ගියේ ඒ කියු කතාවට ය.

" ඇයි මහත්තයා මේ එකපාරටම. "
ඔහු පුදුමෙන් මෙන් ඇසීය.

" ඔයා අද ඉදලා මෙහෙ වැඩ කරන්නේ නැහැ. මෙහෙන් දැන්මම පිටවෙලා යනවා. "
එය ඇසු විට චින් මේ ගේ කකුල් පණ නැතිව බිම වැටුණි.

" අනේ මහත්තයා... මං කළ වැරැද්ද මොකද්ද?? "
චින් මේ ඕනැකමින් අඩනවා නොව ඔහුට ඉබේම ඇඩෙන්නට විය.

" වැරැද්ද?? නුඹ මහා ජරාවක්. තමුන් මට ප්‍රිය කරන්නේ කෙලෙසද? මගේ ඇස් වලට පේන්න ඉන්න එපා. යනවා."
අයිඩෙන් කෑ ගසන්නට විය.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now