💐 දහාඅටවන කොටස 🌷

8 3 0
                                    

....... Del Garda.......

අවසානයේ ඔවුන් නැවතුනේ Del Garda වලය. එය ඉතාලියේ ඇති එක සුන්දර ගම්මානයක් වැනි නගරයකි.  ස්භාව සෞන්දර්ය උපරිමයෙන් ඇති මෙම නගරය පැරිස් වල සිට බොහො දුරකින් පිහිටා ඇත.

ඔවුන් කුලි කාරයකට නැග ඔවුන්ගේ නැවතුම වෙත පැමිණියේ ය. එය සුන්දර විය. ඉතා කුඩා නිවසක්. ගස් කොළන් වලින් වටවී ඕනෑම අයෙකුට ඉන්න ට ආශ හිතෙන වටපිටාවක් ඇති නිවසක් විය.

නිවස ටයිල් අල්ලා තිබුණි. කාමරයක්, කුඩා සාලයක් හා මුළු තැන්ගෙයක් හා කුඩා නාන කාමරයක් එහි තිබිණි. ප්‍රථම වරට මෙ දුටු චින් මේ ට එය මායාවක් විය.

" මේ තරම් ලස්සනක්. "
චින් මේ නිවස ඇතුල බලා කීවේය.

" හ්ම්. මේ තමා සැනසීම. "

" ගෙදර නම ද සැනසීම. "

" ඔව්. මා මෙය හැදුවේ මා ආදරය කරන කෙනා සමඟ සතුටින් ජීවත් වීමට. "

අයිඩෙන් චින් මේ ව වැළද ගත්තේය.

ඔහු ළඟ සිටින විට අයිඩෙන් ට දැනෙන අමුතු හැඟීම වචනයෙන් කීමට නොහැක. නමුත් එය සැනසීම ට එහා ගිය දෙයකි. ඔහු ළඟ සිටීම හදවත සන්සුන් කරයි.

" චින් මේ.. "

" ම්ම්. "
අයිඩෙන් ගේ තුරුලට වී සිටි චින් මේ මිමිණිය.

" මා ළඟම සිටින්න. මට ඔබ නැතිව ජීවත් විය නොහැකි. "

" මම ප්‍රශ්නයක් අහන්නද?? "

" මොකද්ද?? "

" කවුරු හරි ඇහුවොත් මම ඔයාගෙ කවුද කියලා ඒකට දෙන උත්තරේ මොකක් ද?? "

" ම්ම්. ඔබ කියන්න ඔබ තමා මගේ මෝඩ කොල්ලා කියලා. "
අයිඩෙන් විහිළුවට ඔහුට පැවසීය.

" තරහයි. "

චින් මේ අයිඩෙන් ට ඔරවා කාමරය ට ගියේය.

අයිඩෙන් ඒ දෙස සිනහා වෙවි බලා සිටියේය.

...........
............... අයිඩෙන් මෙහි පැමිණීමට පෙර මෙම නගරයේ තිබු තරමක් පිළිගත් අවන්හලක රැකියාවක් සොයාගෙන තිබිණි.

ඔහු එහි කළමනාකාර තනතුර ලබා ගත්තේය.

චින් මේ ට මෙම කුස්සිය හුරු නොවිය. එය කුඩාය. වතුර ගන්නට ළිදක් නැත. ඒ වෙනුවට ටැප් භාවිත වේ. ආහාර පිළියෙල කරන්නට දර ලිප් ද නැත. ඒ වෙනුවට ගෑස් ටැංකිය යනුවෙන් දෙයක් ඇත.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now